Monday, January 2, 2017

මිතුන ලග්නය


මිතුන ලග්න හිමි ඔබට 2017 ආර්ථික ලාභ හිමිවන, අලුත් රැකියා ලැබෙන, විවාහ බලාපොරොත්තු ඉටුවන තරමක් යහපත් වසරක්..
 ආර්ථික තත්වය
වසරේ මුල් කාලය තුල ආර්ථික තත්වය වැඩි වර්ධනයක් බලාපොරොත්තු විය හැකි කාලයකි.. දේපල ලාභ, මව් පිය උරුමයන් හිමිවිය හැකියි.. වසරේ අවසාන කාලය තුල තරමක් අනවශ්‍ය වියදම් වැඩිවන අතර හදිසි ධන ලාභද හිමිවිය හැකියි..
සැලසුම් සහගතවීම තුලින් හානිය අවම කරගැනීමට සූදානම් වන්න..
 රැකී රක්ෂා
රැකිරක්ෂා කටයුතු වලට වර්ෂය පුරාම යහපත් කාලයක් උදාවන වසරකි.. රැකියා අපේක්ෂකයන්ට අලුත් රැකියා ලැබෙයි.. ව්‍යාපාර කටයුතු සාධාරණව කරගැනීමට හැකිවෙයි.. විදේශ රැකියා වල නියුතු අයගේ පැවති බාධක කම්කටොලු තරමක් අඩුවෙන අතර අවසාව කාලයේ දී තව දුරටත් යහපත් වෙනු ඇත.
 ගෘහ ජීවිතය
පවුලේ ජීවිතය තුල සුව පහසුව හිමිව ගතකල හැකි තරමක් යහපත් වසරකි..ගේ දොර දියුණුව, උරැම හිමිකම් ලාභ, යාන වාහන ලාබද ලැබීමට කරුණු යෙදේ.. විවාහ අපේක්ෂකයන්ට සුදුසු කාලයකි.. අර්ථවත් ප්‍රේම සබදතා ආරම්භ වෙයි. වසරේ මුල් සහ අග කාලවලදී විවාහ ජිවිතය තුල යම් යම් ගැටලු මතුවී සහනය අඩුවිය හැකි බැවින් සැලකිලිමත් වන්න.. දුර දිග නොබලා කතා කිරීම සහ තීරණ ගැනීම මෙම ගැටලු වලට හේතුවන බැවින් ඉවසිලිමත් වන්න..
 අධ්‍යාපනය
වසර අග භාගයෙන් පසු අධ්‍යාපන කටයුතු වඩාත් සාර්ථක වෙි.
ගැඹුරු ශාස්ත්‍රය දැනුම සොයා ඉගනීමට අවස්ථාව සැලසේ.. වසර මුල් කාලයේ ඉගනුමට උනන්දුව ඇති කරගඅනීමට මහන්සි වන්න..
 සෞඛ්‍ය තත්වය
ශරීර ශක්තිය තරමක් දුර්වල වියහැකිය.. ලිංගාබාධ, චර්ම රෝගාබාධ වසර අවසාන කාලයේ ඇතිවීමට ඉඩ තිබෙි.. ප්‍රවෙිසම් වීම හොදයි..
------------------------------------------------------------------------
මෙය පොදු විස්තරයකි..
----------------------------------------------
ඔබගේ ජන්ම කේන්දරයේ ග්‍රහ බල තත්වය අනුව සහ මහ දශා, අතුරු දශා, සූක්ෂම දශා අනුව මෙම ප්‍රතිඵල වෙනස් වීමට ඉඩතිබෙි. එබැවින් ඔබගේ ජන්ම කේන්ද්‍රය පරීක්ෂා කිරීමෙන් නිවැරදිම පලාපල නිශ්චිත කාලසීමා සහිතව දැනගත හැකිය..
------------------------------------------------------------------------
"නිත්‍යාලෝක" - Nithyaloka Astrological Service & House planning
-------------------------------
නවීන විද්‍යාත්මක ජ්‍යොතිෂ දර්ශනය අනුව,
*විද්‍යාත්මක භාව කේන්ද්‍ර සෑදීම.
*විස්තර සහිත පොරොන්දම් පරීක්ෂාව.
*සියලු සුභ කටයුතු සදහා නැකැත් සෑදීම.
*ව්‍යාපාර,නිවාස හා දරුවන්ට දෝෂ රහිත නම් තැබීම.
*මල්වර කේන්ද්‍ර සහ නැකැත් සෑදීම.
* කේන්ද්‍ර පලාපල සවිස්තරව
* ග්‍රහ බලගන්වන මැණික් ප්‍රතිකාර
.----------------------------------------------
*වාස්තු විද්‍යානුකූල නවීන නිවාස සැලසුම්
*වාස්තු පර්යේෂණ.
*ඇස්තමේන්තු සැකසීම.
*ඉදිකිරීම් උපදේශනය.
මෙී ආදී ඔබට අවශ්‍ය සියලුම ජ්‍යොතිෂ සේවා සහ
වාස්තු විද්‍යානුකූල නවීන නිවාස සැලසුම් සඳහා inbox කරන්න.
071 96 28 871

No comments: