Wednesday, January 25, 2017

සෙනසුරු මාරුව ඔබට කොහොමද...???



සෙනසුරු මාරුව ඔබට කොහොමද...??? (සියළු ලග්න සදහා පලාපල දැන ගැනීමට මෙය කියවන්න)
හැමෝටම බලන්න Share කරමු.. 
---------------------------------------------
#Nithyaloka #Astrology #Saturn 
පසුගිය වසර 2 1/2 ක පමණ කාලය තුල වෘශ්චික රාශි ගතව සතුරුව ගමන් කල සෙනසුරු 2017. 01. 26 දින පැය 19. 30. 27ට තම සම රාශියක් වන ගුරු හිම් ධනු රාශිය වෙත පැමිණිම රටට මෙන්ම සියලු ලග්න හිමියන්ට තරමක් යහපත් වන කාලයකි..
 මෙිෂ ලග්නය..
-----------------
මෙිෂ ලග්න හිමියන්ගේ අටවැන්නේ සිටි සෙනසුරු පුන්‍ය ස්ථානයට හෙවත් නව වැන්නට පැමිනීම පැවති අෂ්ටම ඒරාෂ්ඨක
තත්වය අවසන් වී පෙර පුන්‍ය ශක්තිය මතුවන කාලයකි.. පසුගිය කාලයේ පැවති කරදර බාධක පසුබෑම් අවසන් වී යහපත් කාලය උදාවෙනු ඇත.. 
මෙතෙක් පැවති රැකියාවෙි දුර්වලතා, කරදර බාධක මගහැරි දියුණුව ඇතිවෙි.. උසස් වීම් හිමිවෙි.. පුධානීන් ගේ උපකාර ලැබෙි.
පැවති ආර්තික පසුබෑම යතා තත්වයට පත්වී නව ආදායම් මාර්ග ඇතිවෙි.. විවාහ ප්‍රමාද අයට විවාහයට යහපත් කාලයකි.. 
ඔකතෝම්බර් මාසයෙන් පසු වැඩි යහපත් ප්‍රතිථල ලැබෙි..
 වෘෂභ ලග්නය..
-----------------
වෘෂභ ලග්න හිමියන්ගේ හත් වැන්නේ සිටි සෙනසුරු අටවැන්නට පැමිණේ.. ඉදිරි කාලසීමාව තරමක් අයහපත් වෙි.. ජීවිතයේ ජයග්‍රහන ලබාගැනීමට කැපවීමෙන් වැඩ කටයුතු කාලයකි.. කරන කියන කටයුතු තරමක් පසුබෑමකට ලක්වීමට ඉඩකඩ තිබෙි.. රැකියා කටයුතු වලදී කල්පනාකාරීව වෙනදාට වඩා කැපවීමෙන් කටයුතු කල යුතුවෙි.. ආදයම් මාර්ග තරමක් අඩුවීමට ඉඩ ඇති බැවින් වියදම් පාලනයෙන් කටයුතු කරන්න.. වෙනදාට වඩා කල්පනාවෙන් සහ ප්‍රවෙිශමෙන් කටයුතු කිරීමට වග බලා ගැනීමට විවිධ අනතුරු වලින් වැලකීමට හේතුවෙි..
සෞඛ්‍ය තත්වය ගැන සැලකිලිමත් වන්න..
විවාහ අපේක්ෂකයන්ට විවාහ පසුවීමට ඉඩකඩ යෙදේ.. ප්‍රෙම වන්තයින් අතරද ගැටලු ඇතිවීමට ඉඩ ඇති බැවින් කල්පනා කාරී වන්න..
 මිතුන ලග්නය..
-----------------
මිතුන ලග්න හිමියන්ගේ හය වැන්නේ සිටි සෙනසුරු හත් වැන්නට පැමිණෙයි..
කරන කියන කටයුතු වලින් ප්‍රසිද්ධිය සහ සහයොගය ලැබෙයි.. කරන කියන කටයුතු ස්තිරව කරගෙන යාමට හැකිවෙි.. 
ශනි මාරුව නිසා රැකියාවට, ආර්තිකයට විශේෂ බලපෑමක් ඇති නොවෙි.. 
ප්‍රේම වන්තයින්ට ගුණ යහපත් සහකරුවන් ලැබෙි.. විවාහ වන අයට විවාහයෙන් දායාද හිමි වෙි.. වෙනදාට වඩා ආගම ධර්මයට නැබුරුව ඇතිවෙයි.. 
තරමක නොසිතූ විරු කරදර හිටි හැටියේම ඇති වීමට ඉඩ තිබෙි.. 
විවාහක අබුසැමියන් වෙනදාට වඩා කල්පනා කාරීව සහයෝගයෙන් කටයුතු කරන්න.. පවුල තුල සිත් රිදවීම් ඇතිවෙි.. කල්පනාකාරී වන්න..
 කටක ලග්නය..
-----------------
කටක ලග්න හිමියන්ගේ පස් වැන්නේ සිටි සෙනසුරු හය වැන්නට පැමිණෙයි.. පැවති කාලයට වඩා යහපත් කාලය උදාවෙයි.. 
ආර්ථික කටුයුතු වල තිබූ බාධාව මග හැරී දියුණුව ඇතිවෙි..
හදිසි ධන ලාභ වස්තු ලාභ හිම් වීමට ඉඩකඩ වැඩිය.. 
මූලික අධ්‍යාපනය ලබන අයට තිබූ ගැටලු මග හැරී අධ්‍යාපන ජයග්‍රණ හිමිවෙි.. 
ප්‍රේමවන්තයින් අතර පැවති සිත් අමනාපකම් දුරුවි සුහදතාවය වර්ධනය වෙි.. අලුත් ප්‍රේම සම්බන්ධතා ඇතිවෙි.. විවාහ පමා වූ අයට විවාහයට යහපත් කාලයකි.
දරු සම්පත ප්‍රමාද අයට බලාපොරොත්තු ඉටු වෙි.. 
තරමක සතුරු කරදර මෙන්ම යටි බඩ ආශිත රොග තත්වයන් ගැන කල්පනාකාරී වන්න..
 සිංහ ලග්නය..
-----------------
සිංහ ලග්න හිමියන්ගේ හතරවැන්නේ සිටි සෙනසුරු පස් වැන්නට පැමිණෙයි..
රැකියා හෝ ව්‍යාපාර කටයුතු සම්බන්දව තිබූ ගැටලු මගහැරී යනු ඇත.. දියුණුව සැලසේ.. යහපත් ආදායම් මාර්ග වලින් වැඩි වාසි අත්වෙයි.. 
පසුබැසීමට ලක්ව තිබූ ගේදොර ඉදිකිරීම් අවසන් කරගත හැකිවෙයි.. 
පවුලේ සමගිය වර්ධනය වෙි.. පවුල් පරිසරයේ තිබූ ගැටලු නිමා වී සහනය උදාවෙයි.. ප්‍රේම වන්තයින්ට විවාහයට කටයුතු සැලසේ.. 
විවාහ අපේක්ෂකයන්ට ගුණ යහපත් සහකරුවෙකු මුණගැසෙනු ඇත.
අධ්‍යාපය ලබන අයට තරමක් බාධාවීම් ඇතිවිය හැකි බැවින් වැඩිපුර උනන්දුවෙන් අදිෂ්ඨානයෙන් කටයුතු කරන්න..
දරුවන් බලාපොරොත්තු අයට තරමක් ප්‍රමාද වීම් ඇතිවීමට ඉඩ තිබෙි..
 කන්‍යා ලග්නය..
-----------------
කන්‍යා ලග්න හිමියන්ගේ තුන්වැන්නේ සිටි සෙනසුරු හතරවැන්නට පැමිණෙයි..
යහපත් මානුෂික සිතුවිලි ඇතිවන කාලසීමාවකි..
තම කටයුතු කෙරෙහි උත්සාහය වීර්යය සිත තුල ඇති කරගෙන දියුණුවිමට විත්ත ශක්තිය ගෙනදෙන කාලයකි.. ප්‍රෙම සම්බදතා වලට ගැටලුවක් නොවන නමුත් විවාහ කටයුතු වලට බාධා ඇතිවීමට පුළුවන..
රැකියා කටයුතු වලට ව්‍යාපාර කටයුතු වලට විටින් විට බාධා පැමිණීමට ඉඩ තිබෙි.. 
ගේ දොර පවුලේ සමගිය පවත්වා ගැනීමට උනන්දු විය යුතුයි.. ගේ දොර ඉඩකඩම් සම්බන්ධව ගැටලු මතුවීමට ඉඩකඩ තිබෙි.. 
හෘදයාබාධ පපුව හිරවීම වැනි රොග තත්වයන් පිලිබද අවදානම් ඇති අය විමසිලිමත් වන්න..
 තුලා ලග්නය..
-----------------
තුලා ලග්න හිමියන්ගේ දෙවැන්නේ සිටි සෙනසුරු තුන්වැන්නට පැමිණෙයි.. තුලා ලග්න ඔබට වැඩි අයහපතක් අත් නොවෙි..
ආර්තිකයේ පැවති පසුබෑම අවසන් වී ධන උපායන මාර්ග ශක්තිමත් වන කාලයකි.
වෙනදාට වඩා වැඩි ආදායමක් ලැබෙන ඇත.. 
පවුලේ දියුණුව ගේදොර දියුණුව ඇතිවෙි..රැකිරක්ෂා ව්‍යාපාරික කටයුතු වලට විශේෂ ගැටලු ඇති නොවෙි.. වෙනදාට වඩා උනන්දුව උත්සාහය වර්ධනය වී උද්යෝගය ඇතිවෙි.
අධ්‍යාපනය ලබන අයට යහපත් වෙනු ඇත. මතක ශක්තිය වැඩිවෙයි..
ප්‍රේම සම්බන්දතාවලට තරමක බාධා ඇතිවීමට හේතුවෙි.. 
විවාහ කටයුතු වලට වැඩි අශුභයක් නොවෙි..
 වෘශ්ච්ක ලග්නය..
-----------------
වෘශ්ච්ක ලග්න හිමියන්ගේ ලග්නගතව සිටි සෙනසුරු දෙවැන්නට පැමිණෙයි.. 
මෙතෙක් කලක් පැවති ලග්න ඒරාෂ්ඨක තත්වය කෙමෙන් අවසන් වෙමින් සහනය ලගාවනු ඇත.. 
මෙතෙක් පැවති මානසික පීඩන තත්වයත් සියලු කටයුතු වල පසුබෑමත් අවසන් වනු ඇත.. 
ශනි ගේ වක්‍ර වීම නිසා මෙම වසරේ අග භාගය දක්වා සුලු වශයෙන් ගැටලු මතු වුවද පෙර පැවත් තරම් නොවෙි..
රෝගාබාධ පැවතුනේ නම් ඒවාද සුව අතට පත්වෙි..
අධ්‍යාපනය ලබන අයටද තරමක් යහපත් වෙයි..
අලුත් ප්‍රේම සබදතා ඇතිවීමට හොද කාලයකි.. විවාහය ප්‍රමාද වූ අයට වසර අග භාගය විවාහයට යහපත් කාලයකි..
නමුත් විවාහකයන්ට තම විවාහ ජීවිතය සතුටින් පවත්වා ගැනීමට දෙදෙනා අවබෝධයෙන් කැපවීමෙන් සහයෝගයෙන් කටයුතු කලයුතුවෙි..
ආර්ථික තත්වය යහපත්ව පවත්වා ගැනීමට තව දුරටත් මහන්සි විය යුතු කාලයකි..
 ධනු ලග්නය..
-----------------
ධනු ලග්න හිමියන්ගේ දොලොස්වැන්න සිටි සෙනසුරු ලග්නයට පැමිණෙයි... ශනි ලග්න ගත වීමත් සමග ලග්න ඒරාශ්ඨක තත්වය ඇතිවෙි.. 
ඉදිරි වසර 2 1/2 ක කාලසිමාව තුල පැමිණෙන ගැටලු බාධක සියල්ල අභියෝගයක් සේ සලකා සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ඔබ විසින්ම ඇතිකරගන්න.. නොපසුබටව උත්සාහයෙන් කටයුතු කල යුතු කාලයකි.. ඉදිරි කාලය තුල හැකි සෑම විටම යහපත් කටයුතු වලම යෙදෙන්න.. නිතර අවිවෙිකී බව, සිත අවුල් වීම, සිතේ සහනය අඩුවීම, ඉක්මනින් තරහ යෑම ඒරාෂ්ඨක කාලයේදී ඇතිවෙි..
ආර්ථික කටයුතු වලට රැකියාවට ප්‍රබල බලපෑමක් ඇති නොවුවද .තරමක පසු බෑමක් ඇති විය හැකිය.. 
අලුත් ප්‍රේම සබදතා ඇතිවෙි..
නමුත් විවාහ වනවයසේ අයට ප්‍රමාද වීම් ඇති කරයි.. විවාහකයන් ද තම විවාහ ජීවිතය ගැන වැඩි අවධානය යොමු කර කටයුතු කිරීමෙන් මතුවිය හැකි ගැටලු අවම කරගැනීමට මග සැලසේ..
හිසේ අමාරු හිස කැක්කුම් ඇතිවිය හැකියි..
 මකර ලග්නය..
-----------------
මකර ලග්න හිමියන්ගේ එකොලොස්වැන්න සිටි සෙනසුරු දොලොස්වැන්නට පැමිණෙයි... උපතින් ශනි බලවත් නම් ප්‍රබල ගැටලුවක් නොවන් නමුත් තරමක පසුබෑමක් ඇතිකර න තත්වයකි.. 
ලැබීම් වලට වඩා වැයවීම් වැඩිවෙි..
රැකියාවන් සහ ව්‍යාපාර කටයුතු වල නියුතු අයට සැලසුම් සහගතව කටයුතු කිරීමෙන් හානිය අවම කරගත හැකි වනු ඇත. අනවශය වියදම් වැඩිවීම ඉඩතිබෙි.. 
අධ්‍යාපනය ලබන අයට පැවති බාධක අවම වී ජයග්‍රහණ ලබාගත හැකි වෙයි.. 
පෙම්වතුන්ට තිබු ප්‍රශ්න අවසන් වී සතුට ප්‍රීතිය ලගාවෙි.. 
නව ප්‍රේම සබදතා ඇතිවෙි.. විවාහකයන් අන්‍යෙනාය අවබෝධයෙන් කටයුතු කලයුතු කාලයක් වෙනු ඇත..
දරුපල ප්‍රමාද අයට සහ බලා පොරොත්තු අයට බලාපොරොත්තු ඉටු වෙි..
සමාජසේවා කටයුතු, දාන මාන පින්කම් වලට වැඩි අවස්ථාව සැලසෙන වකවානුවකි..
වැඩිවශයෙන් පින් දහම් වල යෙදීමෙන් සහනය ලැබෙන කාලසීමාවකි..
 කුම්භ ලග්නය..
-----------------
කුම්භ ලග්න හිමියන්ගේ දසවැන්නේ සිටි සෙනසුරු එකොලොස්වැන්නට පැමිණෙයි... 
කුම්භ ලග්න හිමියන්ට ලග්නාධිපති එකොලොස්වැන්නට පැමිණීම තරමක සහනදායි කාලයකි.
රැකියා ව්‍යාපාර කටයුතු වල තිබූ පසුගාමී ගැටලු සහගත ස්භාවය අවනසන් වී දියුණුව ඇතිවෙි.. 
ආදායම් තත්වයද යහපත් වෙි..
ගේ දොර දියුණුව පවුලේ සමගිය වර්ධනය වෙි.. 
අධ්‍යාපනය ලබන අය තරමක් වැඩි වශයෙන් උනන්දුවිය යුතු කාලයකි..
ප්‍රේම වන්තයින් තරමක් කල්පනාවෙන්. ගැටලු මතුවීමට ඉඩකඩ වැඩිය..
පමා වෙමින් තිබූ විවාහය කාලය එලබී විවාහ කටයුතු සිදුවෙි..
විවාහකයන්ගේ ගැටලු විසදී විවාහ ජීවිතය තුල සතුට ප්‍රීතිය ඇති වෙි..
 මීන ලග්නය..
-----------------
මීන ලග්න හිමියන්ගේ නවවැන්නේ සිටි සෙනසුරු දසවැන්නේට පැමිණෙයි... 
වෙනදාට වඩා මහන්සි වී කටයුතු කල යුතු කාල සීමාවයි.. රැකීරක්ෂා වලටද ව්‍යාපාර වලටද වැඩිපුර මහන්සි වූ තරමට ප්‍රතිපල ලැබෙි.. 
එනමුත් ආදායම් තත්වය යහපත් වෙි. වර්ධනය වෙි..
පවුලේ සමගියට බාධා පැමිණීමට ඉඩකඩ ඇති බැවින් වැඩි අවධානයක් යොමු කරන්න..
අධ්‍යාපනය ලබන අයට යහපත්..
විවාහ අපේක්ෂාවෙන් සිටින අයට ප්‍රමාද වීම් ඇතිවීමට ඉඩකඩ වැඩිය.. 
විවාහකයන්ට, ඔවුනොවුන් අතර සහයෝගය පලුදු වීමට ඉඩ ඇතිබැවින් කල්පනාකාරීව කටයුතු කරන්න..
-------------------------------------------------------------------------
මෙය පොදු විස්තරයකි.. 
----------------------------------------------
ඔබගේ ජන්ම කේන්දරයේ ග්‍රහ බල තත්වය අනුව සහ මහ දශා, අතුරු දශා, සූක්ෂම දශා අනුව මෙම ප්‍රතිඵල වෙනස් වීමට ඉඩතිබෙි. එබැවින් ඔබගේ ජන්ම කේන්ද්‍රය පරීක්ෂා කිරීමෙන් නිවැරදිම පලාපල නිශ්චිත කාලසීමා සහිතව දැනගත හැකිය..
-------------------------------------------------------------------------
"නිත්‍යාලෝක" - Nithyaloka Astrological Service & House planning
-------------------------------
නවීන විද්‍යාත්මක ජ්‍යොතිෂ දර්ශනය අනුව,
*විද්‍යාත්මක භාව කේන්ද්‍ර සෑදීම.
*විස්තර සහිත පොරොන්දම් පරීක්ෂාව.
*සියලු සුභ කටයුතු සදහා නැකැත් සෑදීම.
*ව්‍යාපාර,නිවාස හා දරුවන්ට දෝෂ රහිත නම් තැබීම.
*මල්වර කේන්ද්‍ර සහ නැකැත් සෑදීම.
* කේන්ද්‍ර පලාපල සවිස්තරව
* ග්‍රහ බලගන්වන මැණික් ප්‍රතිකාර
.----------------------------------------------
*වාස්තු විද්‍යානුකූල නවීන නිවාස සැලසුම්
*වාස්තු පර්යේෂණ.
*ඇස්තමේන්තු සැකසීම.
*ඉදිකිරීම් උපදේශනය.
මෙී ආදී ඔබට අවශ්‍ය සියලුම ජ්‍යොතිෂ සේවා සහ
වාස්තු විද්‍යානුකූල නවීන නිවාස සැලසුම් සඳහා inbox කරන්න. 
071 96 28 871

No comments: