Monday, January 2, 2017

මීන ලග්නය


2017 වසර මීන ලග්න හිමි ඔබට ව්‍යාපාර ලාභ හිමිවන, රැකියාවෙි දියුණුව ඇතිවන වර්ෂ අවසානයේ ඇතිවන තත්වයට සූදානම් විය යුතු වසරකි..
 ආර්ථික තත්වය
ව්‍යාපාරික කටයුතු වලින් වැඩිවශයෙන් ලාභ හිමිවන අතර නව ආදායම් මාර්ග මතුවෙි.. හදිසි ධන ලාභ වසර අවසානයේදී බලාපොරොත්තු විය හැකිය.. තැන්පත් ධනය වැඩි කරගත හැකි කාලයකි..
 රැකී රක්ෂා
රැකියා කටයුතු වල ස්ථාවරත්වය ආරක්ෂා වන කාලසීමාවකි. පිරිස සමග කරන රැකියා කටයුතු වලදී පිරිසේ සහය
ලැබෙි.වසරේ අග භාගය දක්වා රැකියාවෙි දියුණුව ඇතිවෙි. නමුත් වසර අග භාගය රැකීරක්ෂා කටයුතු පසුබෑමට ලක්වීමට කරුණු යෙදෙන බැවින් ඒ සූදානම් වීම වැදගත්..
 ගෘහ ජීවිතය
ගෘහ ජීවිතයට බරපතල ගැටලු ඇති ‍නොවෙි.. ගේ දොර දියුණුව සැප පහසුව ඇතිවෙි.. විවාහ කටයුතු වලට වසර අග දක්වා යහපත් වෙි. වසරේ මුල් කාලය තුල ප්‍රේම සබදතා ඇතිවෙි.. දරුපල බලාපොරොත්තු අයට බලාපොරොත්තු ඉටුවෙි.. නමුත් වසර අවසාන කාලය තරමක් කරදර කම්කටොලු ඇතිවීමට ඉඩ අති බැවින් ජීව්තය සැලසුම් කරගන්න.
 අධ්‍යාපනය
තාක්ෂණික අධ්‍යාපනය ලබන දරුවන්ට දක්ෂතා වර්ධනය කරගතහැකි වෙි.. අලුත් දේවල් ඉගනීමට නැබුරුවිම හොදයි.. උසස් අධ්‍යාපනය ලබන අයට වසර මැද දී යමි පසු බැමක් ඇතිවුවත් වසර අවසානය ප්‍රතිථල ගෙනදෙන කාලයකි.
 සෞඛ්‍ය තත්වය
වසර අවසාන කාලය තුල පිත් රෝග වැලදීමට ඉඩකඩ තිබෙි.. බෝවන රොග කොන්දෙ අමාරු වැනි තත්ව ඇතිවීමට හැකි බැවින් ප්‍රවේශම් වන්න.
-------------------------------------------------------------------------
මෙය පොදු විස්තරයකි..
----------------------------------------------
ඔබගේ ජන්ම කේන්දරයේ ග්‍රහ බල තත්වය අනුව සහ මහ දශා, අතුරු දශා, සූක්ෂම දශා අනුව මෙම ප්‍රතිඵල වෙනස් වීමට ඉඩතිබෙි. එබැවින් ඔබගේ ජන්ම කේන්ද්‍රය පරීක්ෂා කිරීමෙන් නිවැරදිම පලාපල නිශ්චිත කාලසීමා සහිතව දැනගත හැකිය..
-------------------------------------------------------------------------
"නිත්‍යාලෝක" - Nithyaloka Astrological Service & House planning
-------------------------------
නවීන විද්‍යාත්මක ජ්‍යොතිෂ දර්ශනය අනුව,
*විද්‍යාත්මක භාව කේන්ද්‍ර සෑදීම.
*විස්තර සහිත පොරොන්දම් පරීක්ෂාව.
*සියලු සුභ කටයුතු සදහා නැකැත් සෑදීම.
*ව්‍යාපාර,නිවාස හා දරුවන්ට දෝෂ රහිත නම් තැබීම.
*මල්වර කේන්ද්‍ර සහ නැකැත් සෑදීම.
* කේන්ද්‍ර පලාපල සවිස්තරව
* ග්‍රහ බලගන්වන මැණික් ප්‍රතිකාර
.----------------------------------------------
*වාස්තු විද්‍යානුකූල නවීන නිවාස සැලසුම්
*වාස්තු පර්යේෂණ.
*ඇස්තමේන්තු සැකසීම.
*ඉදිකිරීම් උපදේශනය.
මෙී ආදී ඔබට අවශ්‍ය සියලුම ජ්‍යොතිෂ සේවා සහ
වාස්තු විද්‍යානුකූල නවීන නිවාස සැලසුම් සඳහා inbox කරන්න.
071 96 28 871

No comments: