♦ ඉඩමෙි සිට බැලු විට උතුරින් සහ නැගෙනහිරින් ප්‍රවෙීශ මාර්ග සහිත ඉඩමක් වීම ඉතා සුදුසුයි..
එවිට ඔබෙි නව නිවසේ ඉදිරිපස කොටස උතුරට,ඊසානට, නැගෙනහිරට මුහුණලා ඉදිකරීම කලහැකියි.. එය වාස්තු විද්‍යාත්මකව හොදම පිහිටීමයි.. එයින් උදෑසනම නැවුම් හිරු එලිය නිවසේ සුන්දර ඉදිරිපසින්ම නිවස තුලට ඇතුලුවෙයි.. උදෑසන හිරු එලිය මගින් විෂ බීජ විනාශ වී සවස් වන විට නිවස බොහොම සිසිල් තත්වයට පත්වෙයි..
♦ ඉඩමෙි උතුරු, ඊසාන, නැගෙනහිර දිශාවන්ට බෑවුම් සහිත ඉඩමක් වීම වඩා සුදුසුයි..
වාස්තු විද්‍යානුකූලව වඩා හොදම ඉඩමක් ලෙස සලකන්නේ මෙ ආකාර ඉඩමයි..
♦ දික් හතරැස් ඉඩමක් වීම හෝ ඒ ආකාරයට සකසාගතහැකි වීය යුතුයි..
වර්තමානයේ ඉඩම් අඩුවීමත් සමගම විවිධ හැඩ සහිතව ඉඩම් කොටස් තිබෙනව.. නමුත් හතරැස් ඉඩම් කොටසක් හො ඒ ආකාරයට දෙවනුව සකසා ගතහැකි ඉඩමක් නම් ඉතා හොදයි.. විවිධ හැඩ සහිත ඉඩම් විවිධ දෝෂ සහිතයි.. ඊට අමතරව වැඩි ප්‍රයොජනයක්ද ඒ ඉඩමෙන් ඔබට ලබාගත හැකියි..
♦ යාබද ඉඩම් වල වැසිකිලි වල සහ ලිදේ පිහිටීම සම්බන්දව...
මෙය ඉතාම වැදගත්. ඔබෙි ඉඩමෙි නැගෙනහිර ඊසාන උතුර දිශාවල ලිදත්,ගිනිකොණ සහ වයඹ දිශාවල වැසිකිලි වලත් ස්ථාන ගත කරගත හැකිනම් ඉතා සුදුසුයි.. යාබද ඉඩම් වල ලිද සහ වැසිකිලි වල නිසා ඔබෙි ඉඩමෙි ලිද සහ වැසිකිලි වල ස්තානගත කිරීමට ප්‍රබල ගැටලු ඇතිවෙි.. ඒ නිසා ඒ පිලිබදව අවධානය යොමු කරන්න..
♦ වර්ෂා කාලයේදි ඉඩම තුල ජලයේ හැසිරීම පිලිබදව..
වර්ෂා කාලයේදි සමහර ඉඩම්වල දීර්ඝකාලයක් ජලය ඉඩම මැදින් ගලාගෙන යනව.. සමහර ඉඩම්වල වර්ෂාව අවසන් වුවත් ජලයයෙන් තෙත්ව වැඩි කාලයක් පවතිනව.. එම ජලය බැහැර කර ගැනීමට බැරි ඉඩම් තිබෙනව.. එවැනි ඉඩම් සුදුසු නැහැ.. ඉඩම කෙරවලෙන් නිතර ජලය ගලායාමත් ඒතරම් සුදුසු නැහැ.. එවැනි ඉඩම් වල ඉදිකිරීම් වලටත් වැඩි වියදමක් යෙදිමට සිදුවෙනව.. ඊට අමතරව වැසිකිලි වලටත්, ලිං ජලයේ පිරිසුදු බාවයටත ගැටලු ඇතිවීමට ඉඩකඩ වැඩියි..
මීට අමතරව
ගංගා නිම්න ආශිත ප්‍රදේශ, පහත්බිම්, ලදු දෙනි, කර්මාන්තශාලා ආශිත ප්‍රදේශ, ආදාහනාගාර ආශිත ප්‍රදේශ,
ගුවන්තොටුපල ආශිත ප්‍රදේශ සෞඛ්‍යට අහිතකර බැවින් සුදුසු නොවෙි..
අධිවෙිගී, ප්‍රධාන මාර්ග වලට මුහුණලා ඉඩම් මිලදී ගැනීමෙිදී මාර්ග වලට අයිති සීමා පිලිබදවද දැනුවත් වීම ඉතා වැදගත්..
ඔබෙි සුන්දර කැදැල්ල තනාගැනීමට අවශ්‍ය වාස්තු සහ ඉංජිනේරුමය උපදෙස් ඉදිරියටත් බලාපොරොත්තු වන්න.. page එකට ලයික් කරල අප සමග එකතුවන්න..
https://web.facebook.com/Nithyalooka/
No comments:
Post a Comment