Sunday, March 12, 2017

වාහන යෝග


♦ තමන්ගේම වාහනයක් ගැනීම අප හැමෝගේම සිහිනයකි..
නමුත් එය සිහිනයක් වූ පමණිනින්ම ඉටුකරගත හැකි නොවෙයි.. ඔබට වාහනයක් ලැබීමෙි හිමිකම පවතින්නේ කුමන ආකාරයකින්ද යන්න ජ්‍යෙතිෂය මගින් නිවැරදිව දැන ගැනීමෙන් මුලා නොවී සිහිනය පහසුවෙන් ඉටුකර ගැනීම සදහා නිවැරදි මග ගමන්කිරීමට හැකිවෙයි..
♦ ඔබෙි කේන්දරයේ 4 සහ 10,9,11 ස්ථාන ගැන විශේෂයෙන් බලන්න වෙනව..
ජ්‍යෙතිෂයේදි සැප පහසු වාහන හිමිවීම ගැන කියවෙන්නේ ඔබගේ කේන්ද්‍රෙය් 4 වන කොටුවෙනි.. එයට සහය (උපස්ථම්භක) වන්නේ රැකියා ස්ථානය වන 10 වැනි කොටුවෙනි.. එසේම 4 ට උපපීඩක ස්ථානය වන පුණ්‍ය ස්ථානය හෙවත් 9 වැනි කොටුවත්, උපඝාතක ස්ථානය වන අයස්ථානය හෙවත් 11 වැනි කොටුවත් බලවත් වීම සහ ගැන බලන්න වෙනව..
ඒ මොකද දන්නවද ඔබට හොද වාහනයක් ගන්න නම් ඔබෙි රැකියාව හෝ ව්‍යාපාර කටයුතු සාර්ථක වෙන්න ඕන.. ඒ වගේම 9- පෙර පුන්‍ය ශක්කිය බලවත් වෙනන්ත් ඕන.. 11- ඒවගේම ඔබෙි ආර්තිකය යහපත්ව පවතින්න ඕන.. මෙි නිසා 9, 10, 11 සහ එම අධිපතියන් බලවත් වීම වැදගත්..
♦ ඔබෙි කේන්ද්‍රෙය් 4 කොටුව අයිති කාටද..?
ඔබ මෙිෂ ලග්නයෙ නම් ඔබෙි 4 අධිපති වන්නේ - සදු / චන්ද්‍ර
ඔබ වෘෂභ ලග්නයෙ නම් ඔබෙි 4 අධිපති වන්නේ - රවි / සූර්යයා
ඔබ මිතුන ලග්නයෙ නම් ඔබෙි 4 අධිපති වන්නේ - බුධ
ඔබ කටක ලග්නයෙ නම් ඔබෙි 4 අධිපති වන්නේ - ශුක්‍ර / සිකුරු
ඔබ සිංහ ලග්නයෙ නම් ඔබෙි 4 අධිපති වන්නේ - කුජ / අගහරු
ඔබ කන්‍යා ලග්නයෙ නම් ඔබෙි 4 අධිපති වන්නේ - ගුරු / බ්‍රහස්පති
ඔබ තුලා ලග්නයෙ නම් ඔබෙි 4 අධිපති වන්නේ - ශනි / සෙනසුරු
ඔබ වෘශ්චික ලග්නයෙ නම් ඔබෙි 4 අධිපති වන්නේ - ශනි / සෙනසුරු
ඔබ ධනු ලග්නයෙ නම් ඔබෙි 4 අධිපති වන්නේ - ගුරු / බ්‍රහස්පති
ඔබ මකර ලග්නයෙ නම් ඔබෙි 4 අධිපති වන්නේ - කුජ / අගහරු
ඔබ කුම්භ ලග්නයෙ නම් ඔබෙි 4 අධිපති වන්නේ - ශුක්‍ර / සිකුරු
ඔබ මීන ලග්නයෙ නම් ඔබෙි 4 අධිපති වන්නේ - බුධ
  ඔබෙි කේන්ද්‍රෙය් 4 සහ 4 අධිපති බලවත් ද බලන්න..
 ඔබෙි කේන්ද්‍රෙය් 4 වැනි කොටුවෙි 4 අධිපති හෝ විශේෂයෙන්ම සිකුරු බලවත් වෙලා 4 ඉන්නවනම් ඔබට බොහෝ විට උපතින්ම සැප පහසු වාහන හිමි වීමෙි වාසනාව තියෙනව.. නැත්නම් ස්වඋත්සාහයෙන් වාහනයක් හිමි වෙනව.. එම දශාවක් යනවනම් වාහන ලැබීමෙි වාසනාව හිමිවෙනව..
4 අධිපතියා බලවත්ව 1,4,7,10 කොටුවල හෝ 5, 9 කොටුවල සිටිනවනම් සැප පහසු වාහන ලැබීමෙි වාසනාව තිබෙනව..
4 අධිපතියා බලවත්ව 9 කොටුවෙි ඉන්නවනම් සහ 9 අධිපතියත් බලවත් නම් පෙර පින්බලය නිසාම වාහන ලැබෙනව..
   4 අධිපතියා බලවත්ව 10 කොටුවෙි ඉන්නවනම් සහ 10 අධිපතියත් බලවත් නම් රුකියා ස්ථානයේ සැපපහසු වාහන හිම් වෙනව.. ව්‍යාපාර කටුයුතු වලින් එම ලාභ ලැබෙනව..
   4 අධිපතියා කුජ වී බලවත්ව 10 කොටුවෙි ඉන්නවනම් සහ 10 අධිපතියත් බලවත් නම් යාන වාහන යන්ත්‍රසූත්‍ර වලින්ම දියුණුව ලබන්න පුළුවන්..
   4 වැනි කොටුවෙි ගුරු, සිකුරු , බුධ, කුජ බලවත්වීමත් එම දශා ගතවීමත් වාහන වාසනාව ලැබීමෙි හේතුවක්..
   4 අධිපතියා 7 වැනි කොටුවෙි සහ 8, 2 භාව අධිපතින්ගේ සම්බන්දයෙන් විවාහයෙන් දායාද වශයෙවන්ම වාහන ලාභ ලැබෙනව..
   4 අධිපතියා බලවත්ව සහ 9,10,11 අධිපතියෙක් සතුරුව 4 වන භාවයේ සිටිම නිසා බොහෝවිට වාහන සැප පහසුව ලැබුණත් තමාටම වාහන ලැබීම් අහිම් වෙනව..
  තවත් වාහන ලාභ හිමිවන අවස්තා කෙටියෙන්..
   4 සහ 11 අධිපතින්ගේ පරිවර්තනය..
   4 අධිපතිට 9,10,11 අධිපතින් සුභයන් වී දෘෂ්ටි ලැබීම..
   4 අධිපති සමග 9,10,11,1 අධිපතීන් 1,4,7,10 හෝ 5,9 ස්ථානවල සංයෝග වීම..
   4 අධිපති බලවත් සිකුරු සමග 1,4,7,10 හෝ 5,9 ස්ථානවල සංයෝග වීම..
  විශේෂ අවස්තා කෙටියෙන්..
පංච මහා පුරිස යෝග බලවත්ව තිබීම..
විපරීත රාජයොග යෙදීම
නීච බංග රාජ යෝග යෙදීම
වෙනත් විශේෂ ධන යෝග යෙදීම..
මෙි ආකාරයට ඔබට වාහන ලාබ ලැබීමෙි ස්භාවය, කාලසීමා, සහ අවස්තා හදුනාගෙන ඒ අනුව කටයුතු කරගත හොත් ඔබගේ සිහින ඉටු වීම දුර ඈතක නොවනු ඇත.. පහසුවෙන් ඉලක්කය කරා ගමන්කිරීමට හැකිය..
** මෙම කරුණු පොදු කරුණුය..
ඔබගේ දශාව, ෂඩි වර්ග, දෘෂ්ටි, සංයෝග, යෝග, නිවෙිදක, ඒරාෂ්ටක වැනි සාධක මත මෙම කරුණු තව දුරටත් අඩුවැඩ් වනු ඇත..
ඒවා වෙන වෙනම පරීක්ෂාකර යුතුයි..
-------------------------------------------------------------------------
"නිත්‍යාලෝක" - Nithyaloka Astrological Service & House planning
-------------------------------
නවීන විද්‍යාත්මක ජ්‍යොතිෂ දර්ශනය අනුව,
*විද්‍යාත්මක භාව කේන්ද්‍ර සෑදීම.
*විස්තර සහිත පොරොන්දම් පරීක්ෂාව.
*සියලු සුභ කටයුතු සදහා නැකැත් සෑදීම.
*ව්‍යාපාර,නිවාස හා දරුවන්ට දෝෂ රහිත නම් තැබීම.
*මල්වර කේන්ද්‍ර සහ නැකැත් සෑදීම.
* කේන්ද්‍ර පලාපල සවිස්තරව
* ග්‍රහ බලගන්වන මැණික් ප්‍රතිකාර
.----------------------------------------------
*වාස්තු විද්‍යානුකූල නවීන නිවාස සැලසුම්
*වාස්තු පර්යේෂණ.
*ඇස්තමේන්තු සැකසීම.
*ඉදිකිරීම් උපදේශනය.
මෙී ආදී ඔබට අවශ්‍ය සියලුම ජ්‍යොතිෂ සේවා සහ
වාස්තු විද්‍යානුකූල නවීන නිවාස සැලසුම් සඳහා inbox කරන්න.
071 28 61 798

No comments: