Tuesday, October 4, 2016

ජ්‍යොතිෂ විද්‍යාව යනු......


ජෝති යනු බැබලීමයි...බබලන්නේ ආලෝකයයි.. ආලෝකයෙන් බබලන්නේ ලෝකයයි.. මෙි අනුව ජ්‍යොතිෂ විද්‍යාව යනු ස්වභාව ධර්මය පිලිබද විද්‍යාවයි..

ලෝකය යනු භෞතික ධර්මතා පසකින් සහ වෛඥානික (මානසික) ධර්මතා පහක සංයුතියයි..
 පඨවි, ආපෝ, තේජෝ,වායෝ සහ ආකාශ යනු භෞතික ධර්මතායි. අලස බව, ආශාව, අහංකාරය, වෛරය සහ සැකය යනු වෛඥානික (මානසික) ධර්මතා යි.මෙම ධර්මතා ක්‍රියාවට නැගීම තවත් ධර්මතා හතරකින් සිදුවෙයි..ඒවා නම්..

1.සෘතු2.බීජ3.චිත්ත4.කර්ම.... යි.සෘතු සහ බීජ යනු භෞතික ධර්මතා ක්‍රියාවට නැගෙන ආකාරයයි එය රවි-සදු සහ රාහු කේතු දෙදෙනා ගෙන්ද..චිත්ත සහ කර්ම යනු වෛඥානික (මානසික) ධර්මතා ක්‍රියාවට නැගෙන ආකාරයයි එය බුධ - සිකුරු - කුජ- ශනි සහ ගුරු යන පංචග්‍රහයන් ගෙන් ද මෙහෙයවනු ලබයි...
මෙය ජ්‍යොතිෂ විද්‍යාව පිලිබද මූලික සිද්ධාන්තය ලෙස හදුන්වයි....

No comments: