Monday, January 2, 2017

කුම්භ ලග්නය





----------------------

2017 වසර කුම්භ ලග්න හිමි ඔබට නව ආදායම් මාර්ග ඇතිවන, රැකියා තනතුරු උසස්වන,වාහන ලාභ හිමිවන වසරකි..
 ආර්ථික තත්වය
පැවති ආර්ථික ගැටලු නිමාවී නව ආදායම් මාර්ග ලැබෙන කාලයකි. වසර මැද සෙනසුරුගේ වක්‍ර ගමන නිමාවූ පසු වසර අවසාන කාලය ආර්ථික අතින් වැඩි ලාභ ලැබෙි.. කල්පසු වූ ණය ගනුදෙනු ලැබීම් තිබෙි.. සැලසුම් සහගතව කටයුතු කරන්නේ නම් වසර අවසානයේ ආර්ථික මට්ටම ඉහල යනු ඇත.
 රැකී රක්ෂා
රැකියා කටයුතු වල දියුණුව අතිවන වසරකි.. උසස්වීම් ලැබ නියමිත තණතුරු හිමිවෙි.. වසර අග භාගයේදී උසස්
ප්‍රධානීන්ගේ සහය ලැබෙයි.. තනතුරු ස්තිර වී සහනය උදාවෙන කාලසිමාවකි. වෙලද ව්‍යාපාර හිමි අයට වසර මුල්භාගයේ මෙන්ම අසර අග භාගයේ වැඩි ලාභ ප්‍රයෝජන ලැබෙයි..
 ගෘහ ජීවිතය
බලාපොරොත්තු ඉටුවන වසරකි.. භූමිය සම්බන්ද ලැබීම් හිමිවෙි. වසර අග භාගයේදී ගේ දොර දියුණුව, පවුලේ දියුණුව, යාන වාහන ලාභ හිමිවෙි.. විවාහ අපේක්ෂකයන්ට වසර අග කාලය වඩා යෝග්‍යයයි.. දරුපල අපේක්ෂකයන්ට යහපත් දරුඵල ලැබෙන වසරකි.. වසරේ මුල් කාලය විවාහ ජිවිතයට වසර මුල් කාලය තුල යම් යම් ගැටලු පැමිණියද වසර අග යහපත් වෙයි..
 අධ්‍යාපනය
උසස් අධ්‍යාපනය ලබන අයට විශේෂයෙන් වසර අග ජයග්‍රහණ ලැබෙි.. ශාස්ත්‍රීය ඉගනුම් වලට උසස් සහයෝගය ලැබෙි. විදෙශ් ශිෂ්‍යත්ව වුවද ලැබීමෙි වාසනාව හිමිවෙි..
 සෞඛ්‍ය තත්වය
හිසේ රෝග, සෙම් රෝග ඇතිවීමට ඉඩකඩ පවතින අතර උදරාබාධ පිත කිපීම නිසා ඇතිවන රෝග පිලිබද සැලකිලිමත් වන්න..
-------------------------------------------------------------------------
මෙය පොදු විස්තරයකි..
----------------------------------------------
ඔබගේ ජන්ම කේන්දරයේ ග්‍රහ බල තත්වය අනුව සහ මහ දශා, අතුරු දශා, සූක්ෂම දශා අනුව මෙම ප්‍රතිඵල වෙනස් වීමට ඉඩතිබෙි. එබැවින් ඔබගේ ජන්ම කේන්ද්‍රය පරීක්ෂා කිරීමෙන් නිවැරදිම පලාපල නිශ්චිත කාලසීමා සහිතව දැනගත හැකිය..
------------------------------------------------------------------------
"නිත්‍යාලෝක" - Nithyaloka Astrological Service & House planning
-------------------------------
නවීන විද්‍යාත්මක ජ්‍යොතිෂ දර්ශනය අනුව,
*විද්‍යාත්මක භාව කේන්ද්‍ර සෑදීම.
*විස්තර සහිත පොරොන්දම් පරීක්ෂාව.
*සියලු සුභ කටයුතු සදහා නැකැත් සෑදීම.
*ව්‍යාපාර,නිවාස හා දරුවන්ට දෝෂ රහිත නම් තැබීම.
*මල්වර කේන්ද්‍ර සහ නැකැත් සෑදීම.
* කේන්ද්‍ර පලාපල සවිස්තරව
* ග්‍රහ බලගන්වන මැණික් ප්‍රතිකාර
.----------------------------------------------
*වාස්තු විද්‍යානුකූල නවීන නිවාස සැලසුම්
*වාස්තු පර්යේෂණ.
*ඇස්තමේන්තු සැකසීම.
*ඉදිකිරීම් උපදේශනය.
මෙී ආදී ඔබට අවශ්‍ය සියලුම ජ්‍යොතිෂ සේවා සහ
වාස්තු විද්‍යානුකූල නවීන නිවාස සැලසුම් සඳහා inbox කරන්න.
071 96 28 871

No comments: