Monday, January 2, 2017

ධනු ලග්නය




2017 වසර ධනු ලග්නය හිමි ඔබට විදේශගත වීමට අවස්ථා හිමිවන ආර්ථිකය යහපත් වන ඒරාෂ්ඨක අගුණයට සූදානම් වියයුතු වසරකි.
 ආර්ථික තත්වය
ශනි ධනු රාශි ගතවීමත් සමග, පසුබෑමකට ලක්වී තිබු ආර්ථිකය වර්ධනය වන අතර වසර අවසාන කාලය වන විනවිට ආදායම යහපත් වෙි. දේපල ඉඩම් යාන වාහන ආදියෙන් ලාභ හිමිවෙයි.. එය එසේ වුවද සෙනසුරු ලග්න ගතවීමත් සමග ආර්ථික
කටයුතු ද පසුබෑමට ලක්වෙනු ඇත විවිධ කරදර බාධක පැමිනේ.. එබැවින් ගණු දෙණු ආදිය ගැන කල්පනාකාරීව විශේෂ ආර්ථික සැලසුම් යොදාගැනීමට සූදානම් වන්න.
 රැකී රක්ෂා
ආයතන ප්‍රධානින්ගේ සහයොගය ලැබී රැකියා කටයුතු සාර්ථක වෙි.. උසස් අයගේ අනුග්‍රහය ලැබෙන අතර රැකියා උසස්විම් ද බලාපොරොත්තු විය හැකියි.. ව්‍යාපාර කටයුතු කරණ අයට සාධාරණව උසස් පුද්ගලයන්ගේ අනුග්‍රහය ලබමින් දියුණුවිය හැකි වසරකි.. නමුත් ලග්න ඒරාෂ්ඨක තත්වය නිසා ඇතිවන චිත්ත පීඩා සහ පසුබෑම අභියෝගයක් ලෙස බාර ගෙන මානසිකව ශක්තිමත් වන්න..
 ගෘහ ජීවිතය
වසර මුල් කාලසීමාව තුල ගේ දොර දියුණුව, සුවපහසුව, පවුලේ සමගිය, දරුවන්ගේ යහපත ගෙනදේ. විදේශගත වීමට බලාපොරොත්තු අයට වසර මුල් කාලසීමාවෙිදී අවස්ථාව ලැබෙනු ඇත. වසර අගදී ගුණයහපත් අය සමග ප්‍රේම සබදතා ගොඩනගා ගත හැකිවෙයි. නමුත් මෙම වසර තුල වැඩ කරන තරමට ප්‍රථිපල නොලැබීමට ඉඩතිබෙි.. සහෝදර පාර්ශවය පිලිබද විවිධ ගැටලු ද මතුවෙි. ඒරාෂ්ඨක තත්වය නිසා ජීවිතය තුල පසුබෑමි කලකිරීම් මෙන්ම කරදර බාධකද විටින් විට යෙදේ..
 අධ්‍යාපනය
වසර මුල් කාලය මූලික අධ්‍යාපන කටයුතු වල නිරත සිසුවියන්වට ධාරණ ශක්තිය වර්ධනය වෙයි.. උසස් අධ්‍යාපනය ලබන අයට විදේශ අධ්‍යාපන වරම් හිමිවනු ඇත.
 සෞඛ්‍ය තත්වය
වසර අවසාන කාලයේදී ලේ උෂ්ණ වීමෙි රෝගාබාධ ඇතිවීමට ඉඩ ඇත.දත්වල, ඇස්වල, මුහුණේ යම් රෝග තත්ව ඇතිවෙි.. හදිසි අනතුරු වලින් පුවෙිශමි විය යුතු වසරකි..
------------------------------------------------------------------------
මෙය පොදු විස්තරයකි..
----------------------------------------------
ඔබගේ ජන්ම කේන්දරයේ ග්‍රහ බල තත්වය අනුව සහ මහ දශා, අතුරු දශා, සූක්ෂම දශා අනුව මෙම ප්‍රතිඵල වෙනස් වීමට ඉඩතිබෙි. එබැවින් ඔබගේ ජන්ම කේන්ද්‍රය පරීක්ෂා කිරීමෙන් නිවැරදිම පලාපල නිශ්චිත කාලසීමා සහිතව දැනගත හැකිය..
------------------------------------------------------------------------
"නිත්‍යාලෝක" - Nithyaloka Astrological Service & House planning
-------------------------------
නවීන විද්‍යාත්මක ජ්‍යොතිෂ දර්ශනය අනුව,
*විද්‍යාත්මක භාව කේන්ද්‍ර සෑදීම.
*විස්තර සහිත පොරොන්දම් පරීක්ෂාව.
*සියලු සුභ කටයුතු සදහා නැකැත් සෑදීම.
*ව්‍යාපාර,නිවාස හා දරුවන්ට දෝෂ රහිත නම් තැබීම.
*මල්වර කේන්ද්‍ර සහ නැකැත් සෑදීම.
* කේන්ද්‍ර පලාපල සවිස්තරව
* ග්‍රහ බලගන්වන මැණික් ප්‍රතිකාර
.----------------------------------------------
*වාස්තු විද්‍යානුකූල නවීන නිවාස සැලසුම්
*වාස්තු පර්යේෂණ.
*ඇස්තමේන්තු සැකසීම.
*ඉදිකිරීම් උපදේශනය.
මෙී ආදී ඔබට අවශ්‍ය සියලුම ජ්‍යොතිෂ සේවා සහ
වාස්තු විද්‍යානුකූල නවීන නිවාස සැලසුම් සඳහා inbox කරන්න.
071 96 28 871

No comments: