Monday, January 2, 2017

තුලා ලග්නය


2017 වසර තුලා ලග්න හිමි ඔබට හදිසි ධන ලාභ ඇතිවන, රැකියා කටයුතු වල වෙනසක් බලාපොරොත්තු විය හැකි, මංගල යෝග උදාවන වසරකි..
 ආර්ථික තත්වය
වසරේ මැද භාගය දක්වාම විටින් විට හදිසි ධන ලාභ ඇතිවෙි. නොපෙනෙන ආදායම් මාර්ග ඇතිවීම හෝ වර්ධනය වීම සිදුවෙි.. නමුත් වසර මැද අවසාන කාලය දක්වාම වියදම් අධික වීමට කරුණු යෙදේ.. ණවය ගණු දෙනු ආදියෙදී ප්‍රවෙිසම් වන්න..ආයෝජනය කරන තරම් ප්‍රථිපල නොලබන බැවින් මනා කලමණාකරණයෙන් යුතුව සැලසුමි සහගතව කටයුතු
කලයුතු වසරකි..
 රැකී රක්ෂා
වසර අග භාගය රැකියා කටයුතු වල වෙනසක් සිදුවෙි.. රැකියා බලාපොරොත්තු අයට අලුත් රැකියා ලැබෙන අතර අනෙක් අයට රැකියාවෙි වෙනස්වීම් අතිවෙි.. ස්ථාන මාරු යෙදෙන අතර විදේශ රැකියා ලැබීමෙි හැකියාවද පවතී.. කෙසේ වුවද රැකියා කටයුතු වල වෙනදාට වඩා උද්යෝගයෙන් උනන්දුවෙන් යෙදිය හැකි කාලයක් වන අතර ව්‍යාපාරික කේෂත්‍ර යේ අයද කල්පනා කාරීව ඉවසීමෙන් දුර දිග බලා කටයුතු කලයුතුයි.. අලාභ වීමට ඉඩකඩ තිබෙ..
 ගෘහ ජීවිතය
වසරේ මුල් කාලසීමාව තුලදී පවුලේ ජීවිතය තුල සතුට සාමදානය දියුණුව ඇතිවෙයි. සුදුසු වයසේ අයට මංගල යෝග උදාවනු ඇත.
නමුත් වසර අවසාන කාලය තුල සිතේ තරමක් දුරට පීඩාවන් ඇතිවෙි.. දුර බැහැර ගමන් බිමන් යෙදෙනු ඇත. මව් පාර්ශවයෙන් විවිධ ගැටලු ඇති වීමට ඉඩ තිබෙි.. රාහු මහ දශා ගත කරන අයට වසර අවසාන කාලය යහපත් ප්‍රතිපල උදාකර දෙනු ඇත. දරුවන් බලාපොාරොත්තු අයට වසර අවසන් කාලය යහපත් වෙයි..
 අධ්‍යාපනය
මූලික අධ්‍යාපනය ලබන දරුවන්ට යහපත් කාලයකි.. උසස් අධ්‍යාපනය ලබන අයටද විශේෂ ශාස්ත්‍රීය භාෂා ඉගන ගන්නා අයටද වඩා හොද කාලයකි.. නමුත් වසර අවසාන කාලය උනන්දුවෙන් කටයුතු කරයා නම් ජයග්‍රහන ලැබෙන වසරක් වනු ඇත..
 සෞඛ්‍ය තත්වය
වසරේ මැද භාගයෙන් පසුව සෞඛ්‍ය තත්වය තරමක් යහපත් වනු ඇත. මුල් කාලයේදී ස්නායු ‍රෝග, නහර ගත රෝග මෙන්ම පිත කිපීමෙි රෝගාබාධ හට ගැනීමට ඉඩ ඇති බැවින් සැලකිලිමත් වන්න..
------------------------------------------------------------------------
මෙය පොදු විස්තරයකි..
----------------------------------------------
ඔබගේ ජන්ම කේන්දරයේ ග්‍රහ බල තත්වය අනුව සහ මහ දශා, අතුරු දශා, සූක්ෂම දශා අනුව මෙම ප්‍රතිඵල වෙනස් වීමට ඉඩතිබෙි. එබැවින් ඔබගේ ජන්ම කේන්ද්‍රය පරීක්ෂා කිරීමෙන් නිවැරදිම පලාපල නිශ්චිත කාලසීමා සහිතව දැනගත හැකිය..
------------------------------------------------------------------------
"නිත්‍යාලෝක" - Nithyaloka Astrological Service & House planning
-------------------------------
නවීන විද්‍යාත්මක ජ්‍යොතිෂ දර්ශනය අනුව,
*විද්‍යාත්මක භාව කේන්ද්‍ර සෑදීම.
*විස්තර සහිත පොරොන්දම් පරීක්ෂාව.
*සියලු සුභ කටයුතු සදහා නැකැත් සෑදීම.
*ව්‍යාපාර,නිවාස හා දරුවන්ට දෝෂ රහිත නම් තැබීම.
*මල්වර කේන්ද්‍ර සහ නැකැත් සෑදීම.
* කේන්ද්‍ර පලාපල සවිස්තරව
* ග්‍රහ බලගන්වන මැණික් ප්‍රතිකාර
.----------------------------------------------
*වාස්තු විද්‍යානුකූල නවීන නිවාස සැලසුම්
*වාස්තු පර්යේෂණ.
*ඇස්තමේන්තු සැකසීම.
*ඉදිකිරීම් උපදේශනය.
මෙී ආදී ඔබට අවශ්‍ය සියලුම ජ්‍යොතිෂ සේවා සහ
වාස්තු විද්‍යානුකූල නවීන නිවාස සැලසුම් සඳහා inbox කරන්න.
071 96 28 871

No comments: