Monday, January 2, 2017

කන්‍යා ලග්නය


2‍017 වසර කන්‍යා ලග්න හිමි ඔබට ආදායම් සරුවන, ප්‍රේම සම්බන්දතා ඇතිවන මිශ්‍ර ඵල ඇතිකරන වසරකි..
 ආර්ථික තත්වය
වසර අග භාගයේ දී හදිසි ධන ලාභ ඇතිවෙි.. ආදායමි මාර්ග වැඩි වී ආර්ථික අතින් යහපත් වන වසරකි.. නමුත් වසර ආරම්භයේ සිට මැද දක්වා දේපල වලින් ලැබෙන ආදායම් අඩුවෙි.. දේපල සම්බන්ද ගැටලු මෙන්ම අලාභ සිදුවීමට ඉඩ තිබෙන ඒ පිලිබද සැලකිලිමත් වන්න..
 රැකී රක්ෂා
වසරේ මුල් කාලයට වඩා අග භාගයේදී රැකියාවේ දියුණුව ඇතිවේ.. අපක්ෂපාතීව රැකියා කටයුතු වල යෙදීමට හැකි අතර
රැකියා ස්ථානයේ කාගේත් සහය ලැබෙි. උසස් වීම් වලට සුදුසු කම් ඇති අයට උසස් වීම් හිමිවේ.. නමුත් වසර මුල් කාලය තුල ගෘහ ජීවිතයේ ගැටලු, රෝග පීඩාදිය නිසා රැකියා කටයුතු වල ගැටලු මතු වීමට ඉඩකඩ වැඩි වන බැවින් වෙනදාට වඩා රැකියාවට මුල් තැනක් දී කටයුතු කිරීම වැදගත්..
 ගෘහ ජීවිතය
වසරේ මුල් මාස කිහිපය තුල විවාහ අපේක්ෂකයන්ට යහපත් කාලයක් වනු ඇත. අලුත් ප්‍රේම සම්බන්දතා ඇති වී සතුටින් ගත කලහැකි කාලයකි.. විවාහ ජිවිතය ගත කරන අයට සතුට ප්‍රීතිය ඇතිවෙි.. අලුත් මිත්‍ර සම්බන්දතා පිරිස සමග සහයෝගයෙන් කරන කටයුතු සාර්ථක වෙන වසරක් වනු ඇත..
නමුත් පවුලේ කටයුතු වලදී ගැටලු පසුබෑම් ඇතිවන සමයකි.. මවි පාර්ශවයෙන් සහයෝගය අඩුවෙයි.. කල නොකල වැරදි වලට අපහාස චෝදනා, නිතිමය ගැටලු, රැවටීම් ඇතිවීමට ඉඩ තිබෙි.. සතුරු කරදර උවදුරු සමාජය තුලින් මතුවන අතරම සිත් පීඩා ඇතිවීමට කටයුතු යෙදෙන බැවින් ඉදිරි වසර තුල ගැටලු අවම නරගැනීමට සූදානම් වන්න.
 අධ්‍යාපනය
වසර අවසාන කාලසීමාව තුල තාක්ෂණික කටයුතු අධ්‍යනය කරන සිසුන්ට උනන්දුව, උද්යෝගය ඇතිවන යහපත් කාලයක් වෙි. නමුත් වසර මුල් කාලය තුල උනන්දුව උද්යෝගය ධාරණ ශක්තිය අඩුවිට හේතු වන බැවින් මානසික ශක්තිමත්ව කටයුතු කිරීමට සූදානම් වන්න.
 සෞඛ්‍ය තත්වය
ලේ උෂ්ණවිම නිසා දෙපා ආශ්‍රිත රෝග, චර්ම රෝග, උදරාබාධ මෙන්ම හෘද රෝගීන් තම සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම වඩා වැදගත් වනු ඇත.
------------------------------------------------------------------------
මෙය පොදු විස්තරයකි..
----------------------------------------------
ඔබගේ ජන්ම කේන්දරයේ ග්‍රහ බල තත්වය අනුව සහ මහ දශා, අතුරු දශා, සූක්ෂම දශා අනුව මෙම ප්‍රතිඵල වෙනස් වීමට ඉඩතිබෙි. එබැවින් ඔබගේ ජන්ම කේන්ද්‍රය පරීක්ෂා කිරීමෙන් නිවැරදිම පලාපල නිශ්චිත කාලසීමා සහිතව දැනගත හැකිය..
------------------------------------------------------------------------
"නිත්‍යාලෝක" - Nithyaloka Astrological Service & House planning
-------------------------------
නවීන විද්‍යාත්මක ජ්‍යොතිෂ දර්ශනය අනුව,
*විද්‍යාත්මක භාව කේන්ද්‍ර සෑදීම.
*විස්තර සහිත පොරොන්දම් පරීක්ෂාව.
*සියලු සුභ කටයුතු සදහා නැකැත් සෑදීම.
*ව්‍යාපාර,නිවාස හා දරුවන්ට දෝෂ රහිත නම් තැබීම.
*මල්වර කේන්ද්‍ර සහ නැකැත් සෑදීම.
* කේන්ද්‍ර පලාපල සවිස්තරව
* ග්‍රහ බලගන්වන මැණික් ප්‍රතිකාර
.----------------------------------------------
*වාස්තු විද්‍යානුකූල නවීන නිවාස සැලසුම්
*වාස්තු පර්යේෂණ.
*ඇස්තමේන්තු සැකසීම.
*ඉදිකිරීම් උපදේශනය.
මෙී ආදී ඔබට අවශ්‍ය සියලුම ජ්‍යොතිෂ සේවා සහ
වාස්තු විද්‍යානුකූල නවීන නිවාස සැලසුම් සඳහා inbox කරන්න.
071 96 28 871

No comments: