Monday, January 2, 2017

කටක ලග්නය

2017 වසර කටක ලග්න හිමි ඔබට නිවාස සිහිනය ඉටුවන යාන වාහන ලාභ ලැබෙන වසර අගදී ආදායම් සරුවන වසරකි.
 ආර්ථික තත්වය
වසර අග භාගය වන විට ආර්ථික අස්ථාවරත්වය අඩුවී ආදායම් සරු වෙයි..වසර මුල් කාලයේදී අනවශ්‍ය අමතර වියදම් වැඩි වන අතර සැලසුමි සහගතව වසරේ කටයුතු සංවිධානය කරගැනීමෙන් සහ ඉලක්ක සපුරාගැනීමට උනන්දුවෙන් සහ කැපවීමෙන් කටයුතු කිරීමෙන් වසර අගදී ආර්ථිකය දියුණුවීමට කරුණු යෙදේ..
 රැකී රක්ෂා
රැකියා කටයුතු වලට යහපත් වසරකි.. වසර මැද භාගයේ පසුබෑමකට ලක්වුවද රැකියාවෙි දියුණුව උසස්වීම් ලැබෙන
කාලසීමාවකි. රැකියා කටයුතු වලින් තම ආධායම මෙන්ම ජීවන මට්ටම ද උසස්වන වසරකි. රැකියා කටයුතු වලට උසස් දියුණුවක් සදහා දැන් පටන්ම සූදානම් වන්න
 ගෘහ ජීවිතය
වසර මුල් කාලයට වඩා අග භාගයේදී පවුලේ ජීවිතය තුල සතුට ප්‍රීතිය සුවපහසුව ඇතිවෙයි.. ඔබගේ නිවාස හා යානවාහන සිහිනය ඉටු කරගැනීමට කාලය වසර අග භාගයේ එලබෙි.. අලුතින් නිවාස මිලදී ගැනීම, නිවාස ඉදිකර ගැනීම වාහන මිලදී ගැනීමට අවස්ථා පැමිණෙයි.. අතරමග නවතා තිබු වැඩ ආරම්භ කල හැකියි.. මවි පියන්ගේ දේපල උරුමය සහ සහෝදර පාර්ශවයේ උදවි ලැබෙන වසරකි..
වසර මුල් කාලසීමාව තරමක් ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කලයුතු වෙයි.. හදිසි තීරණ සහ වැරදි වචන නිසා ගැටලු මතුවීමට ඉඩකඩ වැඩිය.. දෙවරක් සිතාබලා කටයුතු කිරීම හොදයි.. විවාහ ජීවිතය ටද වැඩිකාලයක් හා අවධානයක් යොමුකිරීම වැදගත්.. වසර මුල් කාලයේ අලුත් ආදර සබදතා ඇතිවෙි.. විවාහ අපේක්ෂකයන්ට වසර අගදී බලාපොරොත්තු ඉටුවෙයි.. දරුඵල බලාපොරොත්තු වන මව්වරුන්ට වසර මුල් කාලය වඩා යහපත් නොවන අතර වසර අග යහපත් වෙයි.
 අධ්‍යාපනය
අලුත් ශාස්ත්‍රීය විෂයන් විවිධ භාෂා ඉගනීමට යහපත් වසරකි..ගුප්ත විද්‍යාවන් ඉගනීමට හොදයි. මූලික අධ්‍යාපනය ලබන අය වඩාත් උනන්දුව ඉගනීම් කටයුතු කිරීමට සූදානමි වියයුතු අතර උසස් අධ්‍යාපනය ලබන අයට ජයග්‍රණය හිමිවෙි..
 සෞඛ්‍ය තත්වය
හිසේ අමාරු උෂ්ණ රෝග මෙන්ම ඇස් වල ආබාධ ඇතිවීමට ඉඩතිබෙි.. උදරාබාධ ආහාර ජීරණ පද්ධතිය ආශිත ගැටලු මෙන්ම දද කුෂ්ට රෝගද ඇතිවීමට කරුණු යෙදෙන බැවින් සැලකිලිමත් වන්න..
-------------------------------------------------------------------------
මෙය පොදු විස්තරයකි..
----------------------------------------------
ඔබගේ ජන්ම කේන්දරයේ ග්‍රහ බල තත්වය අනුව සහ මහ දශා, අතුරු දශා, සූක්ෂම දශා අනුව මෙම ප්‍රතිඵල වෙනස් වීමට ඉඩතිබෙි. එබැවින් ඔබගේ ජන්ම කේන්ද්‍රය පරීක්ෂා කිරීමෙන් නිවැරදිම පලාපල නිශ්චිත කාලසීමා සහිතව දැනගත හැකිය..
-------------------------------------------------------------------------
"නිත්‍යාලෝක" - Nithyaloka Astrological Service & House planning
-------------------------------
නවීන විද්‍යාත්මක ජ්‍යොතිෂ දර්ශනය අනුව,
*විද්‍යාත්මක භාව කේන්ද්‍ර සෑදීම.
*විස්තර සහිත පොරොන්දම් පරීක්ෂාව.
*සියලු සුභ කටයුතු සදහා නැකැත් සෑදීම.
*ව්‍යාපාර,නිවාස හා දරුවන්ට දෝෂ රහිත නම් තැබීම.
*මල්වර කේන්ද්‍ර සහ නැකැත් සෑදීම.
* කේන්ද්‍ර පලාපල සවිස්තරව
* ග්‍රහ බලගන්වන මැණික් ප්‍රතිකාර
.----------------------------------------------
*වාස්තු විද්‍යානුකූල නවීන නිවාස සැලසුම්
*වාස්තු පර්යේෂණ.
*ඇස්තමේන්තු සැකසීම.
*ඉදිකිරීම් උපදේශනය.
මෙී ආදී ඔබට අවශ්‍ය සියලුම ජ්‍යොතිෂ සේවා සහ
වාස්තු විද්‍යානුකූල නවීන නිවාස සැලසුම් සඳහා inbox කරන්න.
071 96 28 871

No comments: