Monday, January 2, 2017

වෘෂභ ලග්නය



වෘෂභ ලග්න හිමි ඔබ 2017 වසර අභියෝග වලට සාර්ථකව මුහුණදීමට සූදානමි විය යුතු වසරකි.. නොපසුබස්නා උත්සාහයෙන් උනන්දුවෙන් කැපවීමෙන් කටයුතු කරන අතර අනාගතය සැලසුමි සහගතව කලමණාකරණය කරගැනීමෙන් ජයගත හැකි වසරකි..
 ආර්ථික තත්වය
වසර මැද දි සෙනසුරුගේ වක්‍ර ගමන නිසා ආර්ථික තත්වය තරමක් යහපත් වන අතර නමුත් අවධානමි සහගත ණය වීම් ආදියේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. ආදායමි මාර්ග බිද වැටීමට ඉඩකඩ වැඩි වන කාලසීමාවකි.. හානී සහ අලාභ
අවම කරගැනීම සදහා මනා කලමනාකරණයකින් යුතුව වසර මුල සිටම කටයුත කිරීමට සූදානමි විම වඩා හොදයි..
 රැකී රක්ෂා
වසරේ මුල් භාගයේදී රැකියා කටයුතු වල උද්යෝගය අඩුවීම, වැඩ කල්පසු කිරීම වැනි දේ නිසා රැකියා ස්ථාන වල ගැටලු ඇතිවීමට හේතු යෙදේ..එබැවින් රැකියා කටයුතු වල උනන්දුව, කැපවීම නිරන්තරයෙන් පවත්වාගන්න.. වසර අවසාන කාලය වනවිට ගැටලු විසදී යහපත් කාලය උදාවනු වෙනු ඇත..
 ගෘහ ජීවිතය
වසර මුල් කාලය තරමක් පසුබෑමක් ඇතිවුවද අග භාගයේදී ගැටලු බොහොමයක් අවසන් වී සහනය උදාවෙයි.. කඩිසරව වැඩකටයුතු කරමින් පවුලේ ජීවිතය ගොඩනගා ගත හැකි වසරකි. අලුතින් ආදර සමිබන්ධතා ගොඩනැගෙන වසරකි.. නමුත් නිවරදි සමිබන්දතා ගොඩනගාගැනීමට කල්පනාකාරී වන්න.. වසරේ මුල් කාලය තරමක් ඉවසීමෙන් කල්පනාකාරීව කටයුතු කලයුතු වසරකි.. සිතට දුක් තැවුල් ඇතිවෙි.. සන්සුන් බව අඩුවී හදිසි තීරණ නිසා ගැටලු මතුවෙයි. ගේ දොර, පදිංචි ස්ථාන වෙනස් වීමට කටයුතු යෙදෙන අතර රැවටීමි වලට හසුවීම, අනවශ්‍ය නිතිමය ගැටලු වලට මුහුණ දිමට සිදුවෙී එබැවින් කල්පනාකාරීව කටයුතු කලයුතු කාලසීමාවක් බව සිත් තබාගන්න..
 අධ්‍යාපනය
අලුත් අලුත් දේ ඉගනීමට අවස්ථව සැලසේ. වසරේ මුල් කාලය අලුතින් ශාත්‍රීය ගැඹුරු විෂයන් අධ්‍යනයට සුදුසු කාලයකි.. අධ්‍යපන කටයුතු කරන දරුවන්ගේ ද උද්යෝගය අඩුවෙි.. නමුත් අද්‍යාපන කටයුතු වලට යහපත් බැවින් උනන්දුවීමෙන් ජයග්‍රහන ලැබෙි..
 සෞඛ්‍ය තත්වය
වෘෂභ ලග්න ඔබ තම සෞඛ්‍ය තත්වය ගැන වැඩිපුර සැලකිලිමත් විය යුතු වසරකි.. හෘද රෝග, අදි රුදිරපීඩනය ආදි රෝගද උෂ්ණාධික රෝගද ඇතිවීමට ඉඩකඩ තිබෙි.. වසර අවසාන කාලයේදී තේරුමි නොහැකි ගුප්ත රෝගාබාද වලට ඉඩ තිබෙි සැලකිලිමත් වන්න..
------------------------------------------------------------------------
මෙය පොදු විස්තරයකි..
----------------------------------------------
ඔබගේ ජන්ම කේන්දරයේ ග්‍රහ බල තත්වය අනුව සහ මහ දශා, අතුරු දශා, සූක්ෂම දශා අනුව මෙම ප්‍රතිඵල වෙනස් වීමට ඉඩතිබෙි. එබැවින් ඔබගේ ජන්ම කේන්ද්‍රය පරීක්ෂා කිරීමෙන් නිවැරදිම පලාපල නිශ්චිත කාලසීමා සහිතව දැනගත හැකිය..
-------------------------------------------------------------------------
"නිත්‍යාලෝක" - Nithyaloka Astrological Service & House planning
-------------------------------
නවීන විද්‍යාත්මක ජ්‍යොතිෂ දර්ශනය අනුව,
*විද්‍යාත්මක භාව කේන්ද්‍ර සෑදීම.
*විස්තර සහිත පොරොන්දම් පරීක්ෂාව.
*සියලු සුභ කටයුතු සදහා නැකැත් සෑදීම.
*ව්‍යාපාර,නිවාස හා දරුවන්ට දෝෂ රහිත නම් තැබීම.
*මල්වර කේන්ද්‍ර සහ නැකැත් සෑදීම.
* කේන්ද්‍ර පලාපල සවිස්තරව
* ග්‍රහ බලගන්වන මැණික් ප්‍රතිකාර
.----------------------------------------------
*වාස්තු විද්‍යානුකූල නවීන නිවාස සැලසුම්
*වාස්තු පර්යේෂණ.
*ඇස්තමේන්තු සැකසීම.
*ඉදිකිරීම් උපදේශනය.
මෙී ආදී ඔබට අවශ්‍ය සියලුම ජ්‍යොතිෂ සේවා සහ
වාස්තු විද්‍යානුකූල නවීන නිවාස සැලසුම් සඳහා inbox කරන්න.
071 96 28 871

No comments: