Monday, January 2, 2017

වෘශ්චික ලග්නය


2017 වසර ඔබට පැවති පීඩාව තරමක් අඩුවී සහනය උදාවන ප්‍රේම සමිබන්දතා ඇතිවන තරමක් යහපත් වසරකි.
 ආර්ථික තත්වය
මෙතෙක් පැවති ආර්ථිකයේ පසුබෑම් ස්භාවය යාථා තත්වයට පත් කර ගැනීමෙි හැකියාව පවතින අතර වසර මැද දී යම් පසුබෑම් ඇතිවීමට හේතු යෙදේ.. වසර අවසාන කාලයේ දි වියදම්ක අධික වීම, තැන්පත් ධනය අඩුවීමට ඉඩ තිබෙි.. එබැවින් ආර්ථික කටයුතු මනාව කලමනාකරණය කරගැනීම තුලින් දියුණවක් ලබාගැනීමට හැකියාව සැලසේ..
 රැකී රක්ෂා
කාර්‍ය ශූරව උද්යොගයෙන් රැකියා කටයුතු වල යෙදිය හැකි වසරකි.. රැකියා කටයුතු සදහා දුර ගමන් යාමට සිදුවෙි.. වෙනදාට
වඩා වසර මුල් කාලය වෙහෙස වීමට සිදුවෙන කාලයකි.. නමුත් වෙනදාට වඩා කල්පනාකාරීව, දෙවරක් සිතාබලා බුද්ධිමත්ව කටයුතු කලයුතු වසරක් වන අතර නැතිනම් රැකියාකටයුතු වල ගැටලු ඇතිවෙි.
 ගෘහ ජීවිතය
වසර අග භාගයේදී විදේශ ගමන් විදේශ ගමන් සදහා අවස්තාව යෙදෙනු ඇත.සුදුසු වයසේ අයට විවාහ අපේක්ෂා ඉටුවන කාලයකි. වසරේ මුල් කාලය තුල ප්‍රේම සම්බන්දතා තහවුරු වන අතර අලුත්
ප්‍රේම සම්බන්දතා ඇතිවන කාලසීමාවක් වන අතර දරු සම්පත් අපේක්ෂකයන්ට බලාපොරොත්තු ඉටු වෙි.
නමුත් පවුලේ ජීවිතය තුල ගැටලු කරදර ඇතිවන ස්භාවයක් පවතින බැවින් පවුලේ අය සමග මෙන්ම සහෝදර පාර්ශවය සමග සුහදව කටයුතු කාරීමට සුදානම් වන්න.
 අධ්‍යාපනය
විදේශ ගතව උසස් අධ්‍යාපන අවස්ථා වසර අවසාන කාලයේ උදාවෙයි.. වසරේ මුල් කාලය කලා කේෂත්‍රයේ අධ්‍යාපනය ලබන අයට යහපත්ය.. අලුත් අලුත් දේ සොයා ඉගනීමට අවස්ථාව ලැබෙයි..
 සෞඛ්‍ය තත්වය
හිසරදය, ස්නායු ගත මෙන්ම නහර ගත රෝග පීඩා ඇති වීමට ඉඩ තිබෙි.. හදිසි අනතුරුවලින් ප්‍රවෙිසම් වන්න..
------------------------------------------------------------------------
මෙය පොදු විස්තරයකි..
----------------------------------------------
ඔබගේ ජන්ම කේන්දරයේ ග්‍රහ බල තත්වය අනුව සහ මහ දශා, අතුරු දශා, සූක්ෂම දශා අනුව මෙම ප්‍රතිඵල වෙනස් වීමට ඉඩතිබෙි. එබැවින් ඔබගේ ජන්ම කේන්ද්‍රය පරීක්ෂා කිරීමෙන් නිවැරදිම පලාපල නිශ්චිත කාලසීමා සහිතව දැනගත හැකිය..
-------------------------------------------------------------------------
"නිත්‍යාලෝක" - Nithyaloka Astrological Service & House planning
-------------------------------
නවීන විද්‍යාත්මක ජ්‍යොතිෂ දර්ශනය අනුව,
*විද්‍යාත්මක භාව කේන්ද්‍ර සෑදීම.
*විස්තර සහිත පොරොන්දම් පරීක්ෂාව.
*සියලු සුභ කටයුතු සදහා නැකැත් සෑදීම.
*ව්‍යාපාර,නිවාස හා දරුවන්ට දෝෂ රහිත නම් තැබීම.
*මල්වර කේන්ද්‍ර සහ නැකැත් සෑදීම.
* කේන්ද්‍ර පලාපල සවිස්තරව
* ග්‍රහ බලගන්වන මැණික් ප්‍රතිකාර
.----------------------------------------------
*වාස්තු විද්‍යානුකූල නවීන නිවාස සැලසුම්
*වාස්තු පර්යේෂණ.
*ඇස්තමේන්තු සැකසීම.
*ඉදිකිරීම් උපදේශනය.
මෙී ආදී ඔබට අවශ්‍ය සියලුම ජ්‍යොතිෂ සේවා සහ
වාස්තු විද්‍යානුකූල නවීන නිවාස සැලසුම් සඳහා inbox කරන්න.
071 96 28 871

No comments: