Saturday, May 13, 2017

ගෙයක් හදන්න, ඉඩමක් ගන්න කලින් මෙි ටික අනිවාර්යෙන් කියවන්න..

       
       අපි ඉඩමක් ගන්නෙ අපේම කියල සොදුරු නිවසක් තනාගෙන සතුටින් ජීවත්නවන්නයි.. ඒ නිසාම ඉඩමක් ගැනීමෙිදී පාරිසරික කරුණු, වාස්තුවිද්‍යාත්මක කරුණු, ඉංජිනේරුමය නිර්නායක,ජ්‍යෙතිෂ හා සමාජීය කරුණු සහ නීතිමය කරුණු ගැන වැඩි අවධානයක් යොමු කලහොත් ඔබෙි ජීවිතය තවත් සොදුරු වෙිවි..

♦ ඉඩමෙි සිට බැලු විට උතුරින් සහ නැගෙනහිරින් ප්‍රවෙීශ මාර්ග සහිත ඉඩමක් වීම ඉතා සුදුසුයි..


      එවිට ඔබෙි නව නිවසේ ඉදිරිපස කොටස උතුරට,ඊසානට, නැගෙනහිරට මුහුණලා ඉදිකරීම කලහැකියි.. එය වාස්තු විද්‍යාත්මකව හොදම පිහිටීමයි.. එයින් උදෑසනම නැවුම් හිරු එලිය නිවසේ සුන්දර ඉදිරිපසින්ම නිවස තුලට ඇතුලුවෙයි.. උ⁣දෑසන හිරු එලිය මගින් විෂ බීජ විනාශ වී සවස් වන විට නිවස බොහොම සිසිල් තත්වයට පත්වෙයි..

♦ ඉඩමෙි උතුරු, ඊසාන, නැගෙනහිර දිශාවන්ට බෑවුම් සහිත ඉඩමක් වීම වඩා සුදුසුයි..

වාස්තු විද්‍යානුකූලව වඩා හොදම ඉඩමක් ලෙස සලකන්නේ මෙ ආකාර ඉඩමයි..

♦ දික් හතරැස් ඉඩමක් වීම හෝ ඒ ආකාරයට සකසාගතහැකි වීය යුතුයි..

    වර්තමානයේ ඉඩම් අඩුවීමත් සමගම විවිධ හැඩ සහිතව ඉඩම් කොටස් තිබෙනව.. නමුත් හතරැස් ඉඩම් කොටසක් හො ඒ ආකාරයට දෙවනුව සකසා ගතහැකි ඉඩමක් නම් ඉතා හොදයි.. විවිධ හැඩ සහිත ඉඩම් විවිධ දෝෂ සහිතයි.. ඊට අමතරව වැඩි ප්‍රයොජනයක්ද ඒ ඉඩමෙන් ඔබට ලබාගත හැකියි..

♦ යාබද ඉඩම් වල වැසිකිලි වල සහ ලිදේ පිහිටීම සම්බන්දව...

         මෙය ඉතාම වැදගත්. ඔබෙි ඉඩමෙි නැගෙනහිර ඊසාන උතුර දිශාවල ලිදත්,ගිනිකොණ සහ වයඹ දිශාවල වැසිකිලි වලත් ස්ථාන ගත කරගත හැකිනම් ඉතා සුදුසුයි.. යාබද ඉඩම් වල ලිද සහ වැසිකිලි වල නිසා ඔබෙි ඉඩමෙි ලිද සහ වැසිකිලි වල ස්තානගත කිරීමට ප්‍රබල ගැටලු ඇතිවෙි.. ඒ නිසා ඒ පිලිබදව අවධානය යොමු කරන්න..

♦ වර්ෂා කාලයේදි ඉඩම තුල ජලයේ හැසිරීම පිලිබදව..

        වර්ෂා කාලයේදි සමහර ඉඩම්වල දීර්ඝකාලයක් ජලය ඉඩම මැදින් ගලාගෙන යනව.. සමහර ඉඩම්වල වර්ෂාව අවසන් වුවත් ජලයයෙන් තෙත්ව වැඩි කාලයක් පවතිනව.. එම ජලය බැහැර කර ගැනීමට බැරි ඉඩම් තිබෙනව.. එවැනි ඉඩම් සුදුසු නැහැ.. ඉඩම කෙරවලෙන් නිතර ජලය ගලායාමත් ඒතරම් සුදුසු නැහැ.. එවැනි ඉඩම් වල ඉදිකිරීම් වලටත් වැඩි වියදමක් යෙදිමට සිදුවෙනව.. ඊට අමතරව වැසිකිලි වලටත්, ලිං ජල⁣යේ පිරිසුදු බාවයටත ගැටලු ඇතිවීමට ඉඩකඩ වැඩියි..
    
මීට අමතරව

ගංගා නිම්න ආශිත ප්‍රදේශ, පහත්බිම්, ලදු දෙනි, කර්මාන්තශාලා ආශිත ප්‍රදේශ, ආදාහනාගාර ආශිත ප්‍රදේශ,
ගුවන්තොටුපල ආශිත ප්‍රදේශ සෞඛ්‍යට අහිතකර බැවින් සුදුසු නොවෙි..

අධිවෙිගී, ප්‍රධාන මාර්ග වලට මුහුණලා ඉඩම් මිලදී ගැනීමෙිදී මාර්ග වලට අයිති සීමා පිලිබදවද දැනුවත් වීම ඉතා වැදගත්..
ඔබෙි සුන්දර කැදැල්ල තනාගැනීමට අවශ්‍ය වාස්තු සහ ඉංජිනේරුමය උපදෙස් ඉදිරියටත් බලාපොරොත්තු වන්න.. page එකට ලයික් කරල අප සමග එකතුවන්න..
https://web.facebook.com/Nithyalooka/

Monday, May 8, 2017

ස්වභාව ධර්මයේ ස්වර්ණමය නීතිය – ෆිබොනාචි


ෆිබොනාචි- ඔබ අහලා තියෙනවද ස්වභාව ධර්මයේ ස්වර්ණමය නීතිය ගැනඔබ ගණිතය හෝ සැලසුම් නිර්මාණය කරන කෙනෙක් නම් මේ වචනය නුහුරු වෙන්න විදියක් නැහැ. මෙය සංඛ්‍යා රටාවකින් පැහැදිලි කළ හැකියි වගේම ලෝකයේ දැනට වැඩියෙන්ම පවතින ස්වභාවික සංඛ්‍යා රටාව වන්නේත් මෙයයි.
DNA සැකැස්මේ සිට ජනගහන වර්ධනය වැනි කාරණා දක්වාම ක්‍රියාත්මක වන්නේත් මේ සොබාදහමේ අපූරු සංකල්පයයි. ඉතින් මේ සටහන සංකීර්ණ කරගන්නෙ නැතුව අපි බලමු මොකක්ද මේ ෆිබොනාචි කියන්නෙ කියලා.

ලියනාඩෝ ෆිබෝනාචි  

ලියනාඩෝ ෆිබෝනාචි (adellebrewer.com)
ප්‍රසිද්ධ ගණිතඥයෙක් වුණු ලියනාඩෝ ෆිබෝනාචි පර්යේෂණ ගණනාවක් සිදු කරලා අවබෝධ කරගත් මේ සංඛ්‍යා රටාවට අනුව විශ්වය සැකසිලා තියෙනවා කියලා තහවුරු වෙනවා.
ලියනාඩෝ මේ පර්යේෂණය කරලා තියෙන්නෙ හාවුන් යුගල වශයෙන් යොදාගෙන. මොවුන්ගෙ බෝ වීම අධ්‍යයනය කළ ඔහුට දැකගන්න ලැබෙනවා නියැඳියේ හාවුන් ජෝඩු වැඩි වෙන්නෙ යම් රටාවකට අනුවයි කියලා.
ෆිබෝනාචි සංඛ්‍යා රටාව
ෆිබෝනාචි සංඛ්‍යා රටාව (pinterest.com)
රටාවේ පළමු සංඛ්‍යා දෙක වෙන්නෙ 0 සහ 1. ඉන්පසසේ එන හැම ෆිබොනාචි සංඛ්‍යාවක්ම ඊට කලින් තියෙන සංඛ්‍යා දෙකේ එකතුව වෙනවා. එතකොට රටාව එන්නෙ මෙන්න මේ විදියට.
0,1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, 144…..
මේ නීතිය ලියනාඩෝ හොයාගන්න කලින් ක්‍රි.ව 598දී ඉන්දියාවේ ජීවත් වුණු බ්‍රහ්මගුප්ත විසින් සොයාගත්තා කියලත් මතයක් තියෙනවා. අරාබියට ඉන්දියානු තාරකා ශ්‍රාස්ත්‍රය හඳුන්වා දුන් බ්‍රහ්මගුප්ත බටහිර ඉතිහාසඥයන්ගෙත් ගෞරවයට පාත්‍ර වුණු පුද්ගලයෙක්.
ස්වර්ණමය අනුපාතය (Golden Ratio)

ස්වර්ණමය අනුපාතය. (youtube.com)
රටාවේ මුල් සංඛ්‍යා වල හැර මේ රටාවේ එක සංඛ්‍යාවක් ඊට පෙර ඇති සංඛ්‍යාවෙන් බෙදුවාම ලැබෙන පිළිතුර හැම අවස්ථාවකදිම ආසන්න වශයෙන් සමානයි. මෙය නියත අගයක්. මේ විදියට දිගින් දිගටම අංක බෙදාගෙන යාමේදී 40 වන වාරයෙන් පසූව 1.618033988749895 ලෙස නිශ්චිත අංකයක් ලැබෙන අතර 1.618 ස්වර්ණමය අනුපාතය ලෙස සැලකෙනවා.
මෙය ග්‍රීක හෝඩියේ අක්ෂරයක් වන phi (φ) මඟින් සංකේතවත් කරනවා. ක්‍රි.ව 500 දී ජීවත් වුණු කැටයම් හා මූර්ති ශිල්පියකු වන පීඩියාස් ඔහූගේ නිර්මාණ සඳහා මෙම සංකල්පය භාවිතා කර තිබෙනවා. ඔහුගේ නමේ මුල් අකුර ඇසුරෙන් phi (φ) ලෙස මෙම අනුපාතය නම් කළ බවටත් මත පවතිනවා.
ෆිබෝනාචි සෘජුකෝණාස්‍රය සහ ෆිබෝනාචි සර්පිලය

ෆිබොනාචි සෘජුකෝණාස්‍රය නිර්මාණය. (mathfairy.com)
ෆිබොනාචි මිනිසා නිර්මාණය කළ සංකල්පයක් නෙවෙයි. හොඳින් නිරීක්ෂණය කළාම ස්වර්ණමය නීතිය සහ ෆිබොනාචි සංකල්පය සොබාදහමේ යෙදී ඇති විදිය දැකගන්න පුළුවන්. සොබාදහම විසින් ශක්තිය රැස් කිරීමේදීත්මුදා හැරීමේදීත්දඟරයසර්පිලයසුළිය සහ වක්‍රය භාවිතා කරනවා.
මේ කාර්යයන් සිදු වෙන්නෙ ස්වර්ණමය නීතියට අනුවයි. මෙය තේරුම් ගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි ෆිබොනාචි සෘජුකෝණාස්‍රය සහ ෆිබොනාචි සර්පිලය නිර්මාණය කිරීම.
දැන් අපි බලමු කොහොමද ෆිබොනාචි සෘජුකෝණාස්‍රය නිර්මාණය කරන්නෙ කියලා. මුලින්ම ප්‍රමාණයෙන් ඒකක 1කින් යුතු එක සමාන කුඩා කොටු දෙකක් ඇඳගන්න. ඒ කොටු දෙකට ඉහළින් ඒකක දෙකක තවත් කොටුවක් අඳින්න.
දැන් කුඩා කොටු 3ක් සහිත සෘජුකෝණාස්‍රයක් ඔබ ඇඳලා තියෙනවා. මේ කොටු 3ම ඇතුලත්ව ඒකක 4ක් ලැබෙන විදියට තවත් කොටුවක් ඇඳ ගන්න. මේ රටාවට අනුව දිගටම කොටු ඇඳීමෙන් ෆිබොනාචි සෘජුකෝණාස්‍රය නිර්මාණය කරන්න පුළුවන්.



ඉන්පස්සෙ මේ එක් එක් කුඩා කොටුවක විකර්ණය දෙපස ලක්ෂයන් අතර වෘත්තයකින් ¼ක් අඳින්න. මේ වෘත්ත කොටස් යා කිරීමෙන් ඔබට ෆිබොනාචි සර්පිලය නිර්මාණය කරගන්න පුළුවන්.

මුළු විශ්වයම එකම අනුපාතයක?

(youtube.com)
තුරුලතාසතුන්මල්භූමියතාරකාඅභ්‍යාවකාශය වැනි සියල්ල එකම අනුපාතයකට නිර්මාණය වී තිබීම සැබවින්ම විශ්මයජනකයි. මී මැස්සාගේ ශරීරය බෙදී ඇති ආකාරයසලබයාගේ ඇස් වැනි සලකුණූ අතර පරතරයමුහුදු බෙල්ලාගේ කටුවඩොල්පින් මත්ස්‍යයාගේ ශරීර පිහිටීම වගේම ගසක අතු බෙදෙන ආකාරයඒ අතු වල කොළ බෙදෙන ආකාරයමල් වල රේණු විහිදීමසෙනසුරු ග්‍රහයාගේ දූවිලි වළලු අතර පරතරයත් මේ නියමයට අනුවයි සිදු වෙන්නෙ.

මල් වල පෙති නිමැවුමත් මේ නීතියට අනුව සිදු වෙනවා. (pinterest.com)
ඒ වගේම මිනිස් ශරීරයේ උසමහතඇස්කන්නාසයමුඛයදත් ඇතුළු ඉන්ද්‍රියයන් සියල්ලෙහිත්ඇඟලි පුරුක් අතරත් අනුපාතයන් සියල්ලම මේ ස්වර්ණමය අනුපාතයට (1:1.618) සමානයි. ඒ විතරක් නෙවෙයි මානව DNA නිර්මාණය වෙලා තියෙන්නෙත් මේ අනුපාතයට.

(palmieinarsson.blogspot.com)
මිනිස් නිර්මාණ

ග්‍රීසියේ පාතිනන් දෙව් මැඳුර නිර්මාණයේදී ෆිබොනාචි නියමයන් යොදාගෙන ඇති අයුරු. (huffingtonpost.com)
ස්වභාවධර්මයෙන් එපිටකලා නිර්මාණ වලදිත් ෆිබොනාචි යොදාගත් අවස්ථා ඕනෑ තරම්.
මේ ආභාශයෙන් නිර්මිත නිර්මාණ වල සුන්දරත්වය සාපේක්ෂව ඉහළයි. පුරාණ ග්‍රීසියරෝමයඊජිප්තුව සහ තවත් බොහෝ ශිෂ්ටාචාර මේ ගැන දැනගෙන ඉඳලා තියෙනවා. ඔවුන් මෙය විවිධ නම් වලින් අර්ථකථනය කරලාත් තියෙනවා.
ගොඩනැගිලි ඉදිකිරීමේදී ෆිබොනාචි යොදාගත් අවස්ථා වලට උදාහරණ තිහිපයක් විදියට ග්‍රීසියේ පාතිනන් දෙව් මැඳුරගීසාවේ පිරමිඩ දක්වන්න පුළුවන්. අතීතයේ ජීවත් වූ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන්මූර්ති ශිල්පීන් සහ ගෘහ නිර්මාණ ශිල්පීන් ගේ නිර්මාණ හොඳින් අධ්‍යයනය කිරීමේදී ඔවුන් මෙම සංකල්පය තම කලා කෘතීන්ට යොදාගත් අකාරය පැහැදිලි වෙනවා.
පොප් සංස්කෘතිය සහ ෆිබොනාචි

චිත්‍රපට කර්මාන්තයේදී සහ ඡායාරූප ශිල්පයේදී ස්වර්ණමය නීතිය භාවිතා කරනවා. (youtube.com)
පොප් සංස්කෘතිය (popular culture) ගැන ඔබ දන්නවදපොප් සංස්කෘතියෙදිත් ෆිබොනාචි නීතිය යොදා ගැනෙනවා. මුලින්ම බලමු පොප් සංස්කෘතිය කියන්නෙ මොකද්ද කියලා. ජනගහණයෙන් වැඩි පිරිසක් දරන සිතුවිලිඅදහස්ආකල්ප සහ දෘෂ්ටිකෝණයන් වල එකතුවක් විදියට මෙය හඳුන්වන්න පුළුවනි. සරලව කිව්වොත් අද සංස්කෘතිය තුළ ප්‍රමුඛ වෙලා තියෙන්නෙ චිත්‍රපටසංගීතයක්‍රීඩාදේශපාලනයපුවත්විලාසිතා සහ තාක්ෂණය වැනි විශයයන්. ඇත්තම කියනවනම් අපි හැමෝටම තමන්ටම ආවේණික පොප් මෙනුවක් තියෙනවා. බලන්න ඔබේ ගීත එකතුව දිහා. ඔබ භාවිතා කරන apps, bookmarks, ඔබේ ප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවිය වගේම ජංගම දුරකතනයත් මේ එකතුවට අයිති වෙනවා.

සුප්‍රසිද්ධ ඇපල් සමාගමේ ලෝගෝව ෆිබොනාචි නීතියට අනුව නිර්මාණය කර ඇති අයුරු. (youtube.com)
මුලින් සඳහන් කළ ක්ෂේත්‍රයන්ට අමතරව වෙළඳ ප්‍රචාරණ කටයුතු වලදීත්චිත්‍රපට නිර්මාණයේදීත්සංගීතයේදීත්ඡායාරූප ශිල්පයේදිවාහන නිර්මාණයේදිත් මෙම ස්වර්ණමය නීතිය භාවිතා කරනවා. පුදුම සහගත කරුණ වන්නේ කොටස් වෙළඳපොල සහ ව්‍යාපාර ආර්ථිකය වගේ අවිනිශ්චිත ක්ෂේත්‍රයන් මතත් මෙම නීතිය බලපැවැත්වීමයි.

ඇස්ටන් මාටින් මෝටර් රථයක් (windsortreaty.wordpress.com)
දකුණු ඉන්දියානු සංගීතඥයෙකු වන විජේ අය්යර්ට අනුව මයිකල් ජැක්සන්ගේ බොහොම ජනප්‍රිය ගීතයක් වන බිලි ජීන් ගීතයේ ආරම්භක වාද්‍ය ඛණ්ඩ වලදී වගේම තවත් සංගීතඥයන්ගේ සංගීත නිර්මාණ වලත් ෆිබොනාචි රටාව අඩංගු වෙනවා. ලෝක ප්‍රසිද්ධ ඇපල් සමාගමේ වෙළඳ ප්‍රචාරණ කටයුතු වලදිත්ජේම්ස් බොන්ඩ් 007 චිත්‍රපට මාලාව සඳහා නිර්මාණය කළ මෝටර් රථ සඳහාත් මෙම නීතිය යොදාගෙන තිබෙනවා. ඒ වගේම නිරන්තරයෙන් ෆිබොනාචි සංකල්පය යොදා ගන්න ක්ෂේත්‍රයක් ලෙස ඡායාරූප ශිල්පය දක්වන්න පුළුවන්.

(youtube.com)

සොබාදහමේ අපූර්වත්වය සංකේතවත් කරන මේ ස්වර්ණමය නීතිය ඔබ කරන නිර්මාණයකට යොදාගෙන බලන්නත් උත්සාහ කරන්න. සිතුවමකටමූර්තියකටනව නිපැයුමකටඒ වෑයම අසාර්ථක වෙන එකක් නම් නැහැ කියලයි මේ විස්තර අනුව අපිට හිතෙන්නේ.

උපුටා ගැනීම අන්තර්ජාලයෙනි..

Saturday, May 6, 2017

ජීවිත කාලෙම ගෙවල් හදන්නෙ ඇයි..??? වසරකින් නිවසක් සාදා අවසන් කරමු...


ජ්‍යෙතිෂානූකූලව සහ නිවැරදි වාස්තු විද්‍යානුකූලවම නිර්මාණය කල ඔබෙි නිවාස සැලසුම, නිවැරදි ජ්‍යෙතිෂානුකූල සහ ඉංජිනේරුමය උපදෙස් මගින් වසරකදී හෝ මාස හයක් වැනි කෙටි කාලයක දී යතාර්තයක් බවට පත්කරගැනීමට ඔබට පුලුවන්..
 මෙහිදී අවධානය යොමු කල යුතු විශේෂ කරුණු කිහිපයකි..
-----------------------------------------------------------------

  නිවැරදි වාස්තු විද්‍යානුකූල වූ දෝෂ රහිත සැලසුමක් විය යුතුයි..
   ඉඩමෙි පිහිටීම සම්බන්ධ දෝෂ
   පාද බෙදීමෙි සහ පිහිටවීමෙි දෝෂ
   බ්‍රහ්ම පාදය සහ ගිනි කතිර දෝෂ
   ද්වාරකරණය හා එහි දෝෂ
   දිශාගතකරණ දෝෂ සහ ඊසාන පිලිබද දෝෂ
   වහලය පිලිබද දෝෂ
   ලිද හා වැසිකිලි වල සම්බන්ද ප්‍රබල දෝෂ
වැනි තවත් ප්‍රබල වාස්තු දෝෂ තිබෙි.. ( මෙවැනි වාස්තු දෝෂ රැසක් ඔබට කරදර බාධක, පවුල් ආරවුල්, පවුලේ අසමගිය, ආර්තික ගැටලු, අසහනය, දියුණුවක් නොමැතිකම ඇතුලු දායාද රාශියක් ගෙනෙන බව නම් ස්තිරය..)
  ජ්‍යෙතිෂයානුකූලව ගෘහ මූලිකයාගේ ග්‍රහ බල තත්වයන් අනුව බලවත් කල වර්ග ගණනය ඔබටම සුවිශේෂි සැලසුමක් විය යුතුයි.. ( එකොලොස් පොරොන්දම ගැලපීම අාදී )
  ගෘහ මූලිකයාගේ ග්‍රහ බල තත්වයන් අනුව නිවැරදි කාලසීමාවට සහ බලවත් නැකතකට අනුව වැඩ ආරම්භය.. ( අපගේ අද්දැකීම් අනුව නැකතේ බලය සුවිශේෂීය)
  සැලසුමෙි නිවැරදි බාවය
  නවීන අංග සහ අවශ්‍යතා සපුරාලන සැලසුමක් වීම..
මෙි කරුණු කිහිපයක් පමණි..
තවත් කරුණු ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙම්.
-------------------------------------------------------------------------
"නිත්‍යාලෝක" - Nithyaloka Astrological Service & House planning
-------------------------------
නවීන විද්‍යාත්මක ජ්‍යොතිෂ දර්ශනය අනුව,
*විද්‍යාත්මක භාව කේන්ද්‍ර සෑදීම.
*විස්තර සහිත පොරොන්දම් පරීක්ෂාව.
*සියලු සුභ කටයුතු සදහා නැකැත් සෑදීම.
*ව්‍යාපාර,නිවාස හා දරුවන්ට දෝෂ රහිත නම් තැබීම.
*මල්වර කේන්ද්‍ර සහ නැකැත් සෑදීම.
* කේන්ද්‍ර පලාපල සවිස්තරව
* ග්‍රහ බලගන්වන මැණික් ප්‍රතිකාර
.----------------------------------------------
*වාස්තු විද්‍යානුකූල නවීන නිවාස සැලසුම්
*වාස්තු පර්යේෂණ.
*ඇස්තමේන්තු සැකසීම.
*ඉදිකිරීම් උපදේශනය.
මෙී ආදී ඔබට අවශ්‍ය සියලුම ජ්‍යොතිෂ සේවා සහ
වාස්තු විද්‍යානුකූල නවීන නිවාස සැලසුම් සඳහා inbox කරන්න.
071 28 61 798